පිරිසුදු නම් අධිකරණයේදී ඔප්පු කරනු.. දේශපාලන බලපෑම් නොකරනු.. බැදුම්කර මගඩිකරුවන්ට ජනපති කියයි..
November 3, 2016 at 1:20 pm | lanka C news
මහ බැංකුවේ බැදුම්කර සිදුවීම ගැන අවසන් තීන්දුව ගැනීම අධිකරණයට බාර දෙන බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
මහරගමදී පැවති ශ්රිලනිප ප්රවර්ධන වැඩසටහනක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් දේශපාලඥයින් ඇඟිලිගැසීමෙන් වැලකිය යුතු බවත් තමන් පිරිසිදු බව තහවුරු කල හැක්කේ ස්වාධීන අධිකරණ ක්රියාවලියකින් පමණක් බවත්ය.
එහිදී වරදකරැවන්ට අධිකරණය විසින් දඬුවම් දෙනු ඇති බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.