පිල්ලෙයාන්ගේ කාර්යාලයේ තිබී බෝම්බ දෙකක් අත්අඩංගුවට..

August 16, 2022 at 12:02 am | lanka C news
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ තිබී බෝම්බ දෙකක් අත්අඩංගුවට..

ටී.එම්.වී.පී. පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් එරාවුර් ප්‍රදේශයේ පවා නිවසක පවත්වාගෙන ගිය කාර්යාලයේ සිවිලිමේ තිබූ ජීව අත්බෝම්බ දෙකක් සොයා ගෙන තිබේ.

එරාවුර් පොලීසිය සඳහන් කරන්නේ මේවා විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ බවයි.

මෙම නිවස මෑතකදී මිලදී ගත් අයෙකු එහි වහලය පිලිසකර කිරීමට යාමේදී මෙම අත් බෝම්බ තිබෙනු දැක ඒ බව පොලිසියට දැනුම දීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි ගොස් ඒවා පොලිස් බාරයට ගෙන ඇත.

15,357 views

3 Comments to “පිල්ලෙයාන්ගේ කාර්යාලයේ තිබී බෝම්බ දෙකක් අත්අඩංගුවට..”

  1. Mr.clean says:

    Mama kotisanvidaanayata hithathi sanvidaana hayaka thanama iwathkalaa

  2. Lalla says:

    මොනව කලත් මිනීමරුවන් සමාජය තුලින් ඉවත්කර දැමීම කල යුතුයි. වෙන විකල්ප නෑ.

  3. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    අරගලයට බැර කරලා දාන්න බැරි ද?

Main News