පිල්ලෙයාන්ට පාර්ලිමේන්තු එන්න අවසර ලැබේ…

August 18, 2020 at 4:40 pm | lanka C news
පිල්ලෙයාන්ට පාර්ලිමේන්තු එන්න අවසර ලැබේ…

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට නම් එළඹෙන 20 වෙනිදා ආරම්භ වන නව පාර්ලිමේන්තු සැසිය සඳහා සහභාගිවීමට අවසර ලබාදී තිබේ.

මඩකලපුව මහාධිකරණය විසින් අද දිනයේ මෙම අවසරය ලබාදී ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඔහු දැනට බන්ධනාගාරගතව සිටී.

පසුගිය මහ මැතිවරණයේ ඔහුගේ පක්ෂය මඩකළපු දිස්ත්‍රික්කයට තරග වැද ආසනයක් දිනා ගැනීමට සමත් වූ අතර එම අසුන නියෝජනය කරමින් පිල්ලෙයාන් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇත.

22,944 views

2 Comments to “පිල්ලෙයාන්ට පාර්ලිමේන්තු එන්න අවසර ලැබේ…”

  1. ත්‍රීවීල් says:

    ජයවේවා,,, චොකා මල්ලිත් ආව නං වැඩේ ගොඩ.
    දුමින්දවත් නිදහස් කරලා ජාතික ලයිස්තුවෙන් ගන්න සර්…

  2. LION says:

    මිනීමැරුම් සම්බන්ධව චෝදනා ඇති කොටි ත්‍රස්තවාදියෙක් පාර්ලිමේන්තුවට ඒමට අවසර දීම අපි හෙළා දකිමු

Main News