පිල්ලෙයාන්ට විරුද්ද එකම සාක්‍ෂියත් ප‍්‍රතික්‍ෂෙප කලා.. දැන් සාක්‍ෂි නෑ.. තවත් හිරේ තියන් ඉන්න බෑ..- අධිකරණ ඇමති

November 29, 2020 at 10:40 am | lanka C news
පිල්ලෙයාන්ට විරුද්ද එකම සාක්‍ෂියත් ප‍්‍රතික්‍ෂෙප කලා.. දැන් සාක්‍ෂි නෑ.. තවත් හිරේ තියන් ඉන්න බෑ..- අධිකරණ ඇමති

ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2015 වසරේ දී අත් අඩංගුවට ගන්නා ලද්දේ පාපොච්චාරණයක් සාක්ෂි කරගෙන පමණක් බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

නමුත් අභියාචනාධිකරණය විසින් එම පාපොච්චාරණය සාක්‍ෂියක් ලෙස බාර ගත නොහැකි බවට නඩු තීන්දුවක් ලබා දී ඇතැයිද ඒ මහතා පැවසීය.

එම පාපොච්චාරණය ප‍්‍රතික්‍ෂෙප වූ පසු පිල්ලෙයාන් මන්ත‍්‍රීවරයාට එරෙහිව කිසිදු සාක්‍ෂියක් නැතැයිද පැවසූ ඇමැතිවරයා සාක්ෂි කිසිවක් නැතිව මන්ත‍්‍රීවරයා තවදුරටත් සිරගතකර සිටින්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුවේ දී අය වැය කාරක සභා අවස්ථා විවාදයේ දී ඔහු මේ අදහස් පල කරන ලදී.

එල්ල වී ඇති මනුෂ්‍ය ඝාතන චෝදනාවක් මත ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මන්ත‍්‍රීවරයා වසර පහක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප මත මුදා හැර තිබේ.

ඒ සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම පාර්ලිමේන්තුවේ දී සිදුවිය.

19,950 views

13 Comments to “පිල්ලෙයාන්ට විරුද්ද එකම සාක්‍ෂියත් ප‍්‍රතික්‍ෂෙප කලා.. දැන් සාක්‍ෂි නෑ.. තවත් හිරේ තියන් ඉන්න බෑ..- අධිකරණ ඇමති”

  1. ක්‍රිමිනල් says:

    මේ පාණ්ඩුව මෙලෝ දෙයක් නොකලත් සනුහරේ නඩු ටික සක සක ගාලා විසිකරලා දානවා ! වෙලාසනිම්ම කිව්වනං ඉවරයි ,අපි බලේට එන්නේ දාලා තියෙන නඩු ටික ගොඩ දාගන්න කියලා , එහෙම උනානං මෝඩ බෛයො උනත් කන්ෆුස් වෙන්නෑ ,ජාත්‍යාලෙයි ,දේශප්‍රේමෙයි කියන කාරනා දෙක පවුල සහ ගජමිතුරු උන්නතිය කියන කාරනෙත් එක්ක පටලොගන. දේශප්‍රේමී බෛයෙක් දෙන්නෙක් නැද්ද බෙහෙතකට ගන්න ?

    • ලලිත් says:

      අපිට ඕව දැන් වැඩක් නැත.

      ඊළඟ චන්දෙ පවත්වන දිනය පමණක් කියන්න.

      අපි ඉන්නේ දත කට මැදගෙනය.

    • Chatura putha says:

      බටලන්ද සමූහ ඝාතනය ආගිය ආතක් නැත. විනිමය නඩුවෙන් රවි නිදොස් කොට නිදහස්.මහ බැංකු වංචාවෙ ප්‍රධාන චූදිත අර්ජුන් අපේ සල්ලිවලින්ම ගුවන් ටිකට් පත අරන් රටින් පැන ගියා.ඇත්ත නැත්ත පොත ලියන්න සල්ලි ගත්ත සුජීව යහතින් ගෙදර​.අර්ජුන් ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත සියළු දෙනා නිදොස් නිදහස්.සමහර විට පිල්ලෙයාන්ට වගේම ඉහත කියූ අයටත් සාක්‍ෂි නැතිව ඇති.මෙව්වත් ක්‍රිමිනල්.

      • ක්‍රිමිනල් says:

        ආහ් මේ ඉන්නේ මුට්ටි බෛයෙක් ! ගොන්ස් ! රනිල්ව නිදොස් කොට නිදහස් කොලේ චන්ද්‍රිකාගේ කාලේ , බැදුම්කර හොරු අල්ලන්න බෑ , මහෙන්ද්‍රව නැතුව කියන්නේ විරුවගේ පාණ්ඩුව ! මොන ජොක්ස්ද බන් මෙව්වා ? සිරිසේන මහත්තයා බොරුවට හරි අත්සන් ගහලා මහෙන්ද්‍රන් ව කුදලන් එන්න සිංගප්පුරුවට ලියකියවිලි යැව්ව ! කෝ බන් ස්ටේජ් පලපු උන් අරු අල්ලනවා ,මූ අල්ලනවා කියපු ? කුජීතයි නේද බන් ? 🤣🤣🤣🤣

  2. හලීම් කොනකපාල says:

    බැට්ටි කෑලි 02 කට තරු 4 ජෙනරාල් ලා අවුරුදු ගණන් හිරේ දාපු මේ රටේ ඔව්වා වැඩද මහත්තයෝ. ඔන්න ඕන වල වැදිච්ච නඩු ඔක්කොම ඉවර කරලා නීතියේ දෙවගනගේ පු ට ඇබයක් ගහලා මේක සුරපුරක් කරමු ස. අපිට නම් දැන් මේ ඒකම නාට්යේ බලලා ඇති වෙලා.

  3. හතර හිනා says:

    කොසොල් රජුගේ සිහිනයේ සිටි ද‌ෙපැත්ත‌ෙන්ම තණ කොල කෑ ගවයා

  4. Namal says:

    ජනාධිපතිට , අගව්නිසුරුට, කථානායකට උඩින් ඉන්නා දෙවියන් වත්මන් අධිකරණ ඇමතිය.

  5. Boris says:

    Hahaha!!! Now what? One LTTE mass murderer was released & absorbed into cabinet. Now another cold blooded killer elevated to be honourable is waiting to enter parliament. So the voters… curse their fate

  6. Sun says:

    Some think the law is above everything without knowing the cause and effect. I do not know this man know the reality of everything. He is giving final answer for the cases such as central bank robbery, Pillain etc

  7. Gamarala says:

    වැඩිය ”උඩ පැන්නොත් බිම වැටේ”;

  8. පිල්ලෙයාන් LTTE ප්‍රාදේශීය නායකයකු බව මුලු රටම දන්නවා. වෙවලාවට ප්‍රභාකරන් මැරැනේ පනපිටින් අල්ල ගත්තනමි අද වෙවනකොට නිදොස් කොට නිදහස් අපිත් තරැණ කාලයම කැප කරලා සටන් කරානේ මෙ කාලකණ්නින්ට සැප දෙන්න

  9. විතාරන්දෙණියේ කස්සප හිමි says:

    නයි රෙද්ද අස්සෙ දාගෙන කනවා, කනවා කියන්නෙ ඔවිවට තමයි. අලි සබ්‍රි පාර්ලිමේන්තුවෙදි කිවිවා ගෝඨාභය මහත්තයාගෙ නඩු 35 කට පෙනී සිටියේ තමුන් බව. එය සත්‍යයක් නමි එවැනි අයෙක් අධිකරණ ඇමති හැටියට පත්කිරීමෙන් ජනාධිපතිවරයා කරඇත්තේ බලවත් වරදක්. දැන් ජනාධිපතිටවත් අලි සබ්‍රිව පාලනය කරගන්න අපහසු තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. දේශපාලනයේදී High Speed යන අයට දුරයන්න අමාරැයි. දේශපාලනය කරන හැටි අලි සබ්‍රි ඉමිතියාස් බකීර් මාකාර් සහ රවුෆ් හකීම් වැනි අයගෙන් ඉගෙන ගත්තොත් හොඳයි. කොහොමත් මොහු වැඩිකලක් ඇමතිකමෙි නොරැඳෙන ලකුණු පේන්න තියෙනවා.

Main News