පිලිකාකාරක අස්බැස්ටස් 2018 සිට තහනම් කරන බව ජනාධිපති දෙවසරකට පෙර කියූ වීඩියෝව මෙන්න..

December 21, 2017 at 3:27 am | lanka C news
පිලිකාකාරක අස්බැස්ටස් 2018 සිට තහනම් කරන බව ජනාධිපති දෙවසරකට පෙර කියූ වීඩියෝව මෙන්න..

ඇස්බැස්ටස් හා ඒවා නිෂ්පාදන අමුද්‍රව්‍ය ගෙන්වීම තහනම් කිරීමට ගෙන තිබූ අත්හිටුවීමට රජය විසින් අත්හිටවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

රුසියාව විසින් ශ‍්‍රි ලංකා තේ මිලට ගැනීම අත්හිටුවීමත් සමග මෙම තීරණය ගනු ලැබුවේ එහි සම්බන්ධයක් ඇති නිසා බව කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති නවීන් දිසානායක මහතා කියා සිටියේය.

වෙතත් 2018 වසරේ සිට මෙරටට ඇස්බැස්ටස් ගෙන්වීම සම්පුර්ණයෙන්ම නතර කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිනේ මහතා විසින් කියා සිටියේ 2015 අගෝස්තු මස 29 වන දිනයි.

එදින මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් ඔහු ඒ බව කියා සිටියේ පරිසර සංරක්‍ෂන වැඩපිලිවෙලේ ඉදිරි ක‍්‍රියාමාර්ග අනුව පොලීතීන් භාවිතය ගැන 2016 ජනවරියේ සිට දැඩි නීති රීති ක‍්‍රියාවට නැංවීමටත්, පිලිකා රෝග ව්‍යාප්තිය සදහා දැඩිව බලපාන ඇස්බැස්ටස් 2018 ජනවාරියේ සිට ගෙන්වීම සම්පුර්ණයෙන් තහනම් කරන බවත්ය. එමෙන්ම ලංකාව තුල අස්බැස්ටස් නිෂ්පාදනයද තහනම් කරන බව ඔහු කියා සිටියේය.

එම වීඩියෝව සමාජ ජාලාවල පලව ඇත්තේ මෙසේය.

22 views

4 Comments to “පිලිකාකාරක අස්බැස්ටස් 2018 සිට තහනම් කරන බව ජනාධිපති දෙවසරකට පෙර කියූ වීඩියෝව මෙන්න..”

  1. Tea Kuruminiya says:

    Mewata thamai kiyanne” kathawa dolawen gamana payin kiyala “

  2. Sejeewa Sena says:

    I too ” Kole iragena Age Halagena “

  3. බන්ඩා says:

    බටහිරයන්ගෙ ලනු කත සිරිසේන කලොත් කරන්නෙ ඹල මොට්ටල වැඩක්. මොලයක් අැත්තෙම නැහැ. බටහිර ශීත රටවල insulation materials ලෙස පාවිච්චි කරන asbestos fiber නිශ්පාදනයේදී සහ සිහින් කෙඳි ලෙස භාවිතා කිරීමෙදී inflammatory conditions ගෙන එන බවය් දැනට සොයා ගෙන තිබෙන්නේ. නමුත් තද ඝන අැස්බැස්ටස් හෙවිලි තහඩු එවැනි රෝගී තත්වයක් ගෙන එන බවක් නම් කවුරුවත් කොහේවත් තවම ඹප්පු කර නැහැ. සිරිසේන බටහිරයන්ගෙ ලනු කාලා.

  4. ග්රාම සේවක says:

    මේක තහනම් කරපු ලොක්ක දෑන් ඉන්නෙ සරම ඈදලද නෑතිනම් සරම ගෑලවිලා හෙලුවෙන්ද?