පිලියන්දල පාසැලක ගුරුවරුන් 26ක් නිරෝධායනයට ලක් කෙරේ..
May 31, 2020 at 11:20 am | lanka C news
නාවික හමුදා සෙබළුන් පිරිසක් රඳවා සිටි පිලියන්දල කොතලාවල විද්‍යාලයේ ගුරුවරුන් 26 දෙනෙකු තම නිවෙස් තුළම නිරෝධායනයට ලක් කර ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
එම විදුහලේ නවාතැන් ගත් නාවික සෙබළුන් 06 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීම නිසා මෙන්ම ක්‍රියාමාර්ග ගෙන ඇති බව සංගය කියයි.
මේ බව සඳහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
බස්නාහිර පළාතේ පාසල් 200 කට ආසන්න ප්‍රමාණයක ආරක්ෂක අංශවල පිරිස් නවාතැන් ගෙන සිටින අතර, ඒ අනුව බප/පිළි/කොතලාවල පුර විදුහලේ නාවික හමුදා සෙබළුන් නවාතැන් ගෙන සිටිති. එසේ සිටියදී විදුහල්පතිවරයා විසින් පසුගිය 21 දින වැටුප් ලේඛන අත්සන් කිරීමට එම පාසලේ ගුරුවරු පාසලට ගෙන්වා ඇත. මේ වන විට එම පාසලේ නවාතැන් ගෙන සිටින නාවික හමුදා සෙබළුන් 6කට ආසන්න පිරිසක් කෝවිඞ් 19 ආසාධිතයන් බව තහවුරු වී ඇති අතර, ඉන් පසු 21 දින පාසලට කැඳවූ ගුරුවරුන් 26 දෙනා ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනය කිරීමට ගල්කිස්ස හා මොරටුව පොලීසි විසින් දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත.
ආරක්ෂක අංශවල නවාතැන් සඳහා පාසල් යොදාගැනීම සම්බන්ධයෙන් අප දිගින් දිගටම කරුණු දැක්වූවද ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට රජය කටයුතු නොකළ අතර, අධ්‍යාපන නිලධාරීන් විසින් විවධාකාර හේතු දක්වමින් දිගින් දිගටම ගුරුවරු පාසල්වලට ගෙන්වීමට ද කටයුතු කරන ලදී. එම තත්වය මත මේ වන විට බප/පිළි/කොතලාවලපුර විදුහලට පසුගිය 21 වෙනිදා ගෙන්වූ ගුරුවරු කෝරෝනා ආසාධිතයන්වීමේ අවදානමකට ලක්ව ඇත.
ගුරුවරු පාසල්වලට ගෙන්වා වැටුප් ලේඛන අත්සන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී නොමැති අතර, මේ ආකාරයෙන් කොතලාවලපුර විදුහලේ විදුහල්පතිවරයා ගුරුවරු පාසලට ගෙන්වා ඔවුන් අනාරක්ෂිත තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසත්, බස්නාහිර පළාතේ පාසල්වලට විවිධ හේතු දක්වමින් ගුරුවරු ගෙන්වීම නතර කිරීමට පියවර ගන්නා ලෙසත් ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටී.
එසේම ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා පාසල්වල නවාතැන් ලබාදීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු බවද වැඩිදුරටත් පෙන්වා දෙමු.
මෙයට,
ජෝසප් ස්ටාලින්
ප්‍රධාන ලේකම්
Guru sangamaye kathawa hari
දරුවන්ට නම් තබද්දි දෙමාපියන් කල්පනාකාරී වෙන්න ඕනෑ…
අනාගතයේදී ” හිට්ලර් ” කියලා නම තිබෙන එවුන් උනත් ලංකාවේ චන්ද ලැයිස්තුවල හිඳීවි
Good observation. Is he Sri Lankan or Russian?
Piliyandala police area no law and order. Come and see curfew days all three wheels are on the road. This police station run by the criminals in that area. Police stations collecting stuff from these criminals and DIGs come and distribute them. Therefore now all criminals are running this police stations. This station must take under the IGP control.
Joseph Starlin, who’s this guy. Is he a relative of Polpot., Idie Amin or Hitler in Germany? Ask him to change his name according to our culture.
මෝඩ තකතේරු විදුහල්පතිවරයා මේ ගැන ලැජ්ජා වෙන්න ඕනේ මුන් කොහොමද දරුවන්ට ආදර්ශයක් වෙන්නේ.
Piliyandala police area has the highest number of Gramasewaka Divisions. Therefore coming to Piliyandala police station job like winning a lottery. Paradise of criminals controls the police station.
Pissu pinek
සමහර ලොක්කෝ මහම මහ මෝඩයි.
තමන් යටතෙ ඉන්න අය නිදහසෙ ඉන්නවට කැමති නැහැ.
මොන බොරුව කරලා හරි ගෙන්න ගන්න බලන්නේ……..
විෂේශයෙන් කාන්තා ප්‍රධානියෝ