පිලියන්දල බරපතලයි.. අහඹු පරීක්ෂණවලින් 101ක් කොරෝනා.. වෙළෙඳ සංකීර්ණය වසා දැමේ…
May 9, 2021 at 3:50 pm | lanka C news
වහාම ක්‍රියාත්මක වන පරිදි පිළියන්දල පොදු වෙළෙඳ සංකීර්ණය වසා දැමීමට කටයුතු කර තිබේ.
එම වෙළඳ සංකීර්ණය සහ ආශ්‍රිතව සිදුකරන ලද අහඹු පරීක්ෂණ වලින් 101 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම මීට හේතුවයි.
අහඹු පරීක්ෂණ 300ක් පමණ සිදු කළ බවත් එහි ප්‍රතිඵල අද දිනයේ ලැබුන බවත් ඒ අනුව මෙම ආසාදිතයන් හඳුනාගත් බවත් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරයි.
මීට පෙර පිළියන්දල පොලිස් බල ප්‍රදේශය වසා දැමූ අවස්ථාවේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාද නොදැනුවත්ව එය නැවත විවෘත කිරීමට කටයුතු කර තිබිණි.
ඒ සඳහා තමන් ඉල්ලීමක් කළ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ද සඳහන් කරන ලදී.
Where is the president od Sri Lanka. The way you run the country is very disappointing. Unfortunately 69 lakhs who voted for you, will have to wait another 3 and half years for another presidential election.