පිලියන්දල ලොක්ඩවුන් ඉවත් කිරීම නිවැරදියි.. කමිටුවෙන් එය තහවුරු වුනා.. ඇමතිගේ සම්බන්ධයක් නෑ..

May 7, 2021 at 10:40 am | lanka C news
පිලියන්දල ලොක්ඩවුන් ඉවත් කිරීම නිවැරදියි.. කමිටුවෙන් එය තහවුරු වුනා.. ඇමතිගේ සම්බන්ධයක් නෑ..

පිළියන්දල නගරය හුදෙකලා බවින් නිදහස් කිරීමට කොවිඩ් කමිටුව පසුගියදා ගත් තීරණය වෙනස් කළ යුතු නැතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කළ පරීක්ෂණ කණ්ඩායමද තහවුරු කර ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසුවේය.

ඉරිදා දිනයේ පිළියන්දල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 52කම වසා දැමුවේ ඉරිදා සති පොළවල් වෙත විශාල ජනතාවක් එන බවට ලද තොරතුරු මත බවත්, පසුදින එම හුදෙකලා කිරීම ඉවත් කළේ කිසිදු ඇමැතිවරයකුගේ මැදිහත්වීමකින් නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

පිළියන්දල පොලිස් වසමේ හුදෙකලා කිරීමට තෝරාගෙන තිබුණේ රෝගය පැතිර ගිය වසම් හතරක් පමණි. තවත් වසම් හතරක් හුදෙකලා කිරීමට බුද්ධි සේවාව, කොවිඩ් මධ්‍යස්ථානය, පොලිසිය හා සෞඛ්‍ය අංශ ලබාදුන් ​තොරතුරු මත තාක්ෂණික කමිටුව සැලසුම් කර තිබිණි.

මේ වනවිට අවශ්‍යතාව අනුව පිළියන්දල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් දහයක් පමණක් හුදෙකලා කර ඇති බවත්, මුළු බල ප්‍රදේශයම වැසීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටී.

– aruna

74,198 views

60 Comments to “පිලියන්දල ලොක්ඩවුන් ඉවත් කිරීම නිවැරදියි.. කමිටුවෙන් එය තහවුරු වුනා.. ඇමතිගේ සම්බන්ධයක් නෑ..”

  1. TNA says:

    You destroyed your reputation yourself . We are ashamed to be Sri Lankan . No future of Sri Lanka so long as uneducated politicians are alive. In Canada rule of Law is maintained properly as all politicians are educated.

  2. Mukalan Bassa says:

    General Sir, please try to keep your dignity and respect. People still respect you and believing you. Don’t wake up them.

  3. Udara says:

    යුද්ධෙ කාලේ මන්නාරමේ ඉඳන් මුලතුව් වෙනකන් ලංකාවේ බටහිර වෙරලේ ඉඳන්  නැගෙනහිර වෙරල වෙනකන් කොටින්ගෙන් මුදා ගන්න සටන් කලේ ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 57 වන සේනාංකය. නමුත් යහපාලන රජය ශවේන්ද්‍ර සර්ට ලැබෙන්න තිබුනු හමුදාපතිකම ඔහුට නොදී 2010 ඉඳන් 2015 වෙනකන් හමුදාවේ වත් ලංකාවෙ වත් නොඉඳපු  මහේෂ් සේනානායක  ලංකාවට ගෙනත් හමුදාපතිකම දුන්නා. මහින්ද ජනාධිපතිතුමාගේ ඉල්ලීමට සිරිසේන ජනාධිපතිතුමා ශවේන්ද්‍ර සර්ට සේවා දිගුවක් ලබාදී හමුදාපතිකම දුන්නේ නැත්නම්  ශවේන්ද්‍ර සර්ට විශ්‍රාම යන්න වෙනවා හමුදාපති නොවීම. කොරෝනා වලින් ජනතාව මුදා ගන්න ශවේන්ද්‍ර සර් තරම් කැප වුනු හමුදා නායකයෙක් ලෝකෙම නැතුව ඇති.  දැන් දේශපාලන හේතු නිසා ජෙප්පො, ටොයියො ශවේන්ද්‍ර සර්ට වචනයක් දෙකක් අල්ලගෙන මඩ ගැහුවත්  ශවේන්ද්‍ර සර් මේ රටට ජනතාවට කරපු සේවය තරම් සේවයක් කරන්න ජේවීපී එකට වත් පුතාණෝට වත් අවුරුදු 100කින් වත් බැහැ 

  4. පොල් බූරුවා says:

    මට හිතෙන්නේ මෙතුමටත් කොරෝනා හැදිලා, උණ විකාරෙන් දොඩවනවා. පව් අප්පා කරදර කරන්න එපා, දවස් 14කට පස්සේ අහමු බලන්න මොකද වුනේ කියල.

Main News