පිලියන්දල ලොක්ඩවුන් කලාම දේශපාලඥයන් කිහිප දෙනෙකු මට ඇමතුම් දුන්නා..- හමුදාපති

May 4, 2021 at 2:10 pm | lanka C news
පිලියන්දල ලොක්ඩවුන් කලාම දේශපාලඥයන් කිහිප දෙනෙකු මට ඇමතුම් දුන්නා..- හමුදාපති

පිලියන්දල පොලිස් වසම හුදකලා කිරීමට තීරණය කළ පසුව විවිධ පාර්ශ්ව තමනට දුරකථන ඇමතුම් ගණනාවක් ලබා දුන් බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

විශේෂයෙන් ජනතා නියෝජිතයන් විශාල පිරිසක් දුරකථන ඇමතුම් ලබා දෙමින් පෙන්වා දුන්නේ පොලිස් පිළියන්දල පොලිස් වසම හුදෙකලා කිරීම හදිසියේ තීරණය කිරීම හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතු අඩපණ වී ඔවුන් අපහසුතාවයට පත්වන බව යයිද ඔහු පැවසීය.

පසුව ප්‍රාදේශීය දේශපාලන නායකයින් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව දැනගන්නට ලැබුණු බවද හමුදාපතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ නාලිකාව සමග ඊයේ පැවති 360 සාකච්ඡාවට එක්වෙමිනි.

118,594 views

18 Comments to “පිලියන්දල ලොක්ඩවුන් කලාම දේශපාලඥයන් කිහිප දෙනෙකු මට ඇමතුම් දුන්නා..- හමුදාපති”

  1. nuwa says:

    මෙහෙම ජොක් කරලා අපිව හිනා ගස්සලා මරන්න එපා ප්ල්ස්. අනිත් තැන්වල ලොක් ඩවුන් කලේ මාසේකට විතර කලින් කියලද?

    • ගාමිණී ලොකුගේ says:

      උඹ ලොක්ඩවුන් කලාම අපි ලොං හැලෙනකන් පාර්ලිමේන්තු ගිහින් හොරාකාලා අපේ හත්මුතු පරම්පරාවටම හදාගත්තු බිස්නස් වලට මොකද වෙන්නේ? අපේ හෙන්චයියොන් ගේ බිස්නස් වලට කෙල උනාම අපිට දිනපතා ලැබෙන කොමිස් වලට මොකද වෙන්නේ? මිනිස්සු මැරුනත් අපි ජීවත් වෙලා ඉන්න ඔනේ. අපේ හත්මුතු පරම්පරාව ට රජ සැප අරන් ජීවත් වෙන්න ඔනේ. ඒ නිසා ලොක්ඩවුන් කරන ඒවට ඉඩ දෙන්න බෑ.

      • නිකමට මතක් උනා says:

        බුදුපිලිම කඩපු උන් පොලීසියෙන් අල්ලලා හිරේ දැම්මමත් ඔය වගේම වේසපාලුවෝ කිහිප දෙනෙකු ඇමතුම් බලපෑම් කලා ලු… පාට පක්ශ මාරු උනත් මිනීමරලා සල්ලි හම්බ කරන වේසපාලුවෝ අතර වෙනසක් තිබේද..?

    • කුඹුක්කණ් says:

      ඔය කෝල් කරල තියෙන්නෙ අනුරයි ටිල්විනුයි. ජෙප්පො රටට සාපයක්.

      • ගාමිණී ලොකුගේ says:

        කෝල් කලේ මම ඇයි ප්‍රශ්නයක් ද? ලොක්ඩවුන් කලාම මගේ බිස්නස් පාඩු වෙනවා. මට ලැබෙන කොමිස් නැති වෙනවා. මැරෙන මිනිස්සු වෙනුවට අලුතෙන් මගේ බිස්නස් වලට කස්ටමර්ලා හම්බවෙයි. මිනිස්සු මැරුනා කියලා මගේ බිස්නස්, කප්පන්, කොමිස් නැති වෙන්න ඉඩ තියන්න බෑ. 20% බැශිට් ස’ ට ජය.

        • කට කලුවා says:

          ගාමිණී ලොකුගේ දැන් සර්ටත් ඉහලින්නේ ඉන්නේ..සෑර් නිකන්ම පොන්නයෙක් වෙලා..

  2. Jude says:

    ithin mee harako hudakala kalama dainika vada navathinava nennam… mokkunda mun. Piliyandalata vitharada oka venne

  3. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    මේ යන විදිහට කොරෝනා පරදන්න කියල ණයක් අරන් යුක්‍රේනෙන් මිග් යානා ඇණවුම් කලත් පුදුමයක් නෑ.එහෙව් තීරණ එහෙව් මිනිස්සු

  4. චන්ද දායක says:

    මම හිතාගෙන හිටියේ ඔබ තුමාට ප්‍රාදේශීය දේශපාලකයන්ට වඩා බල තල දීලා ඇති කියලා .

  5. Sanka says:

    අර විජේදාස කිව්ව කතාව හරියට හරි…..

    කුඹුරට තමා හරියන්නේ ….

  6. sana says:

    ජනතාවගේ දෛනික කටයුතු අඩපණ වී ඔවුන් අපහසුතාවයට පත්වන ekata wada owun covid hadila marena eka hodai kiyalada moda mati thumala hithanne?

  7. මැදමුලනෙ මුත්තා says:

    හමුදාපතිතුමාට මෙි කාර්යසාධක බලකාය බාරදුන්නට පස්සෙ එතුමත් සවුත්තුවෙිගෙන යන්නෙ. මුල් රැල්ලෙදි මෙතුමටයි අජිත් රෝහණටයි ලොකු ගෞරවයක් තිබුනා. දැන් මූණ දකින කොටත් මිනිස්සු TV වහනවා. දේශපාලකයින් ගහන, ගහන පදේට නටල සවුත්තුවෙන්න එපා.

  8. kkuruwita says:

    ප්‍රභාකරනුත් දේශපාලඥයෙක් වෙලා තිබුනනං …. එහෙනං ඒ කාළෙම බබා හම්බුවෙලා

  9. Nandasoma Suri says:

    පාස්කු ප්‍රහාරයට කලිනුත්, මේ වගේ දේශපාලුවන් හිටපු හමුදාපතිට දුරකථන අඇමතුම් දීල බලපෑම් කලා නේද…?

    නව වෛරසය ලංකාවට ඇවිල්ල කියල දැන දැනත්, කොරෝනා පාලනයට නිසි පියවර නොගැනීම, තොරතුරු දැන දැනම බෝම්බ පිපිරීම වළක්වන්න පියවර නොගැනීමටත් වඩා භයානකයි…..!

    දේශපාලුවන්ට සහ නිළධාරීන්ට කවදා හෝ මෙම වගකීම් විරහිත ක්‍රියාවලට වගකියන්න වෙයි….!!

  10. අනන්ද says:

    තාමත් රටවඇරගෙන පිස්සු නටන ලන්කව

Leave a Comment

Main News