පිලිස්සුනු මළ සිරුරක් හමුවෙයි… ඝාතනයක්දැයි සැකයක්…

April 29, 2020 at 2:20 am | lanka C news
පිලිස්සුනු මළ සිරුරක් හමුවෙයි… ඝාතනයක්දැයි සැකයක්…

යාපනය එලාලෙයි ප්‍රදේශයේ පිලිස්සි තිබූ මළ සිරුරක් සොයාගත් බවට යාපනය චුන්නාකම් පොලීසිය පවසයි.

ඒලාලෙයි මුරුගමූර්ති කෝවිල ආසන්නයේ තිබූ මෙම මළ සිරුර මයිලංකාඩු ප්‍රදේශයේ සිට පැමිණි අයෙකු දැක ඒ බව චුන්නාකම් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය විසින් අදාල ස්ථානයට පැමිණ මළ සිරුර රැගෙන යාමට පියවර ගත්හ.

මිය ගොස් ඇත්තේ කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර මිය ගොස් ඇති පුද්ගලයා හඳුනාගැනීඹට නොහැකි අයුරින් පිලිස්සී තිබූ බවටද චුන්නාකම් පොලීසිය පවසයි.

මිය ගොස් ඇති පුද්ගලයා මිය යාමට නිස්චිත හේතුවක් මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඝාතනය කොට පුලුස්සා දැමුවේදැයි යන්න සැක සහිත බවටත් මේ වන විට පස්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් මළ සිරුර යාපනය ශික්ෂණ රෝහලට යොමු කොට ඇති බවට පරික්ෂණ සිදුකරන චුන්නාකම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

64 views