පිළිකාකාරක පොල්තෙල් ගැන නිසි බලධාරියා සද්ද නෑ… වහා ප‍්‍රකාශයක් කරන්නැයි ඉල්ලයි..

March 29, 2021 at 8:40 am | lanka C news
පිළිකාකාරක පොල්තෙල් ගැන නිසි බලධාරියා සද්ද නෑ… වහා ප‍්‍රකාශයක් කරන්නැයි ඉල්ලයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්
සෞඛ්‍ය අමාත්‍යාංශය
මරදාන
කොළඔ 10.
2021/03/28

අධ්‍යක්ෂක ජෙනරාල්තුමනි,

පිළිකාරක සහිත පොල්තෙල් සම්බන්ධව.

පිළිකා කාරක පොල්තෙල් වෙළදපොලේ අලෙවි කරන බවට කතා බහක් මේ වන විට සමාජය තුල ඇතිවී තිබේ.

වසවිස නොමැති ආහාර පාරිභෝගිකයාට ලබා දීම සදහා කටුයුතු කිරීම ඔබතුමාගේ කාර්යය වන බව 1980 අංක 26 දරණ ආහාර පනතේ පැහැදිලිව සදහන් කර ඇත. එකී පනතේ 11(1) වගන්තිය අනුව ඔබතුමා ආහාර පිළිබදව නිසි බලධාරියාය.

එකී පනත ප්‍රකාරවය ආහාර පිළිබදව නිසි බලධාරිය වන ඔබගෙන්, මේ වන විට වෙළද පොලේ අලෙවි කරනු ලබන පොල් තෙල්වල ඇල්ෆ ටොක්සින් යන පිළිකා කාරකය හෝ වෙනත් විස ද්‍රව්‍ය අඩංගුද නැද්ද? යන්න පිළිබදව වහාම ප්‍රකාශයක් නිකුත් කරන ලෙස අප සංවිධානය ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

28,862 views

11 Comments to “පිළිකාකාරක පොල්තෙල් ගැන නිසි බලධාරියා සද්ද නෑ… වහා ප‍්‍රකාශයක් කරන්නැයි ඉල්ලයි..”

  1. SL says:

    වෙළඳ පොලේ තියෙන ඔක්කොම පොල්තෙල් ” made in sri lanka ” නේ.
    ගෙන්වන පොල්තෙල් විකුනන්නේ කොහෙද ?

  2. SKF says:

    කෑම සමග වස කැවිලා මිනිස්සු මැරෙන එකෙන් බේරගන්න, මිනිස්සුන්ගෙ සල්ලි වලින් පඩි ගෙවන රස්සාව මේක.
    මේ රස්සාව කරමින් මිනිස්සුන්ට වස කැවෙන්න ඉඩ හරිනවා නම් ජාති ජාතිත් පඩිසන් දෙන පාපකර්මයක්!

  3. gamaya2 says:

    අර පාදෙණිය ගොයියාගේ ජී එම් ඕ හොර නඩේ සද්දයක් නැ. උන්ට පෙනුනේ සුවසරිය භයානකයි කියලා විතරමයි.

    • padadenya says:

      රාජිතයා බෙහෙත් මිල අඩු කරාම, අපිට ඒ බෙහෙත් ලියුවම ලැබුන කොමිස් එක අඩු නෙවෙයි නැතිම වුනා. ඉතින් අපි සයිටම්, සුවසරිය, එම්සීසී ශාෆි ඇතුළු මෙකී නොකී කරුණු වලින් යහපාලන ආණ්ඩුවට ගැහුවා වැටෙන්නම. ඒවාට බෙහෙත් ගෙන්නන අය අපිට හොඳට ගෙව්වුවා. දැන් ආයෙත් බෙහෙත් මිල වැඩියි, අපේ කොමිස් එක හොඳයි, අපිට දැන් ඔලිව් ඔයිල් වලින් වුනත් කන්න පුළුවන්. එනිසා අපිට ඔය වෙන විකාර වලට වෙලා නෑ. ප්ලීස් අපිට ඔය තෙල් ප්‍රශනය අදාළ නෑ. වෙළඳ ඇමතිට කියන්න.

  4. Sun says:

    Some are there but their mouths are closed due external pressure. This is the type of democracy in our country.

  5. හැකහැක says:

    සර්ට 20 තියෙනවා,‌‌ කමල් සර්ට ඇප් එක තියෙනවා, සවේන්ද්‍ර සර්ට ඩ්‍රෝන තාක්ෂණය තියෙනවා.
    ඒකරලත් කැළෑ කැපිලා මහ රෑස්ස ගස් බිමට වැටෙනවා,විස පොල්තෙල් රටට ඇවිල්ලා රට පුරා බෙදාහැරෙනවා,පස් කපනවා වැලි ගොඩදානවා.
    එකෝ මේ අය වැඩ බැරි ටාසන්ලා..එහෙම නැත්නම් හොරු සමග හෙළුවෙන්.

    • වයි දිස් කොලවෙරි says:

      යහපාලන කාලෙත් වස පොල්තෙල් ගෙනාවා. නමුත් මේ වගේ එලියට ආවෙ නෑ.

      ඒ කාලෙ මේ වගේ කෑ ගැහුවොත්, සන්හිදියාවට බාධා කරණව කියලා හිරේ දැම්මා.

  6. Jagath says:

    සද්ද කලොත් ජොබ් එක ගහල යනව.ඇමතිතුමිය තාම කියන්න ඕනේ විදිහ මට කිව්වේ නැ. බෛයියෝ 69 ලක්‍ෂෙට ඕවා ගානක් නෑ නේ.

  7. නිකං බලයා says:

    ඔහෙට පිස්සියැ . ඔහෙට තදියම තිබ්බට බෑ නෙ . අපට ඕඩරේ හම්බුවෙන්නෝනෙ නේ . ඉන්නවකො ඉවසං කඩි කුලප්පුව නැතුං .

    • JANATHAWA says:

      It is the responsibility and obligation of the relevant authorities and the government to clear the doubts in the minds of the people on this national issue .

  8. Mahinda says:

    කෝ දැන් අර සක්කිලි විපත් මගේ රට හදන්ට ආපු නරි රැල, කෝ අතුර ලීයේ රතන මංත්‍රීතුමා, බොරු බලු සේනා. දැන් විද්‍යාත්මකව ඔප්පු වී හමාරයි මේ ම හා අපරාදයක් බව. අනික රටේ පංචා වංචා ව්‍යාග්‍රා වංශ ගෙබ්බන් පිල බොරු ලූ ගොඩ කැනහිලා කුමාරතුංග මුණිදාස සූරින්ගේ නම විකුනා මංත්‍රී උන අපතයා.

Main News