පිළිකාකාරක පොල්තෙල් තියාගන්න තැනක් නැති නිසා එම සමාගම්වල ගබඩාවලට යැවුවා..- පොහොට්ටු ලේකම්

March 30, 2021 at 12:02 am | lanka C news
පිළිකාකාරක පොල්තෙල් තියාගන්න තැනක් නැති නිසා එම සමාගම්වල ගබඩාවලට යැවුවා..- පොහොට්ටු ලේකම්

මෙරටට ගෙන්වන ලද පිළිකාකාරක පොල් තෙල් තොග රේගුවේ තබා ගැනීමට තැනක් නැති නිසා එම සමාගම් වල ගුදම්වලට යැවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍ සාගර කාරියවසම් මහතා පවසයි.

එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේද සඳහන් කළේය.

විපක්ෂය හිතන්නේ ඔවුන්ගේ කාලය තුළ රේගුවෙන් බඩු නිකුත් වුණේ නිසි ක්‍රියාධාමයට කියාලා. ඔවුන් හිතන්නේ තාමත් ඒ විදිහට සිදුවෙනවා කියලා.

මෙකේ ක්‍රමවේදය තමයි මේ රටට පොල්තෙල් ආවාම සාම්පල් ලබා ගැනීමයි. ඒ සාම්පල් සෞඛ්‍ය අංශවලට, ප්‍රමිති ආයතන වලට යවලා ඒ සාම්පල් වාර්තාව පැමිණෙන තෙක් ඒ පොල් තෙල් තබා ගන්න තැනක් නෑ. ඒ පොල්තෙල් යවනවා ගුදම්වලට.විකුණන්න නෙවේ. ඉන්පසුව දින කිහිපයක් යනවා ඒ වාර්තා එන්න.

පසුකාලයකදි පැමිණි පොල්තෙල් කිහිපයක පිළිකාකාරක ද්‍රව්‍යයක් තිබෙනවා කියලා වාර්තා වෙලා තිබෙනවා. ඒ වාර්තාව අනුව කටයුතු කරේ විපක්ෂය නෙවේ. එය වහාම ක්‍රියාත්මක කරේ අපේ රජයයි.

දැන් මේක විපක්ෂය මේක අල්ලගෙන දගලන්න හැදුවට ඔවුන්ගේ කාලයේ කරේ ඔවුන්ට කැමති විදිහට රේගුවෙන් බඩු නිකුත් කිරීමයි. එහෙම නෑ. අපි නිතිය හරියට ක්‍රියාත්මක කරන රජයක්. වාර්තාව අසමත් වුණොත් නැවත තෙල් ප්‍රතිඅපනයන කිරීම කරන්නේ.

කවුරුහරි කියනවානම් අපේ රටේ විනාශ කරන්න ඕනේ කියලා මම හිතන්නේ අපේ රටට ආදරය නැති මනුස්සයෙක් තමයි කියන්නේ. මේ කියන විදිහට ලෝකයේ ඕනම රටක් ඔවුන් පාවිච්චි නොකරන කුණු ගොඩක් ලංකාවට එවලා අපේ රට කුණු විනාශ කිරීමේ රටක් බවට පත් කිරීමයි. මේක කරන්න බෑ.

ජාත්‍යන්තර පිළිගත් සම්ප්‍රදාය තමයි යම්කිසි වැරදිසහගත දෙයක් ආවොත් ඒ වැරදි සහගත දෙය අපි විනාශ කරන්නේ නෑ. අපි එවපු රටට යවනවා එය විනාශ කරන්න.

අපේ රජයට විරුද්ධව මඩ ගහන අයට කියන්න දෙයක් නැති වුණාම පොල්තෙල් ටිකක හරි එල්ලෙනවා. අපේ රජය ඉතා වගකීමෙන් යුතුව කටයුතු කර තිබෙනවා. ඒ අවශ්‍ය නිත්‍යානුකූලව අපි කටයුතු කර තිබෙනවා.

29,520 views

23 Comments to “පිළිකාකාරක පොල්තෙල් තියාගන්න තැනක් නැති නිසා එම සමාගම්වල ගබඩාවලට යැවුවා..- පොහොට්ටු ලේකම්”

  1. Hesh says:

    කින්ඩියට හෙඩ්ලයින් දැම්මට කොලබ වරායේ ඉඩ නැති නිසා රේගුවෙන් නිදහස් කරනවා සමාගම් වල ගුදම් වලට. හැබැයි පරීක්ශන කරනකම් නිදහස් කරන්න බෑ. මේ වෙලා තියෙන්නෙත් ඒක.

    තව එකක්, බටහිර පර්යන්තය බදාගෙන ඉන්නවට වඩා කොලබ වරායේ කරන්න වැඩ තියෙනවා කියන්නෙ ඕකයි.

    • ISIS ටම්බින්ට පොහොට්ටු පූප දෙමු says:

      මීනීමරු ජිහාඩ් ISIS තම්බි ත්‍රස්තවාදීන්ගෙ පස්ස ලෙවකන පොහොට්ටු ලෙඛම් කම්බා හොරා පුපෙන් කතාකරයි.. නරියට කුකුල්ලු බාරදුන්නා ලු ආරක්ශා කරලා බලාගන්න ටෙස්ට් එක ඉවර වෙනකන්.. අනේ නොදකින් පින්ගුත්තර සක්කිලියා..

  2. 😪🤬😪🤬😪 says:

    යුද්ධය තිබුන කාලේ ඕක ඩයිනමයිට් හදන තෙල් වර්ගයක් කිව්වනම්…. ඔය දෙයම කරනවද..?

    මේ වගේ වැඩ කරන අය නිසා මේ මුලු රටම පිලිකාවට ගොදුරු කරල නිතරම ” කොත්තු ” කියලා පෙරේතකමට කෑම කන සිංහල ජාතිය වඳවෙලා මේ රටම ඉස්ලාම් කරන එක කජු කනව වගේ වැඩක් වෙයි.!!

  3. RED BULL says:

    ඇයි බං සාගරයො උඹලගෙ ගෙදර තියාගන්න බැරිද ඔය පොල්තෙල්?

  4. නපු අංශක වාරිය කසම් says:

    මඩ නෙමේ මඩු වලිගෙන් තලන්න ඕන. කාලකණි හැත්ත. යකො තොපි කරන ඕන රෙද්දක් කරගනින් මේකේ ඉන්න මිනිසුන්ට විෂ කවන්නේ නැතුව. අරහෙන් තොපේ මහා එකා කැලේ කපන්න දීලා බලන් ඉන්නවා. ඉස්සරහට උස්ම ගන්න ටිකයි බොන්න වතුර ටික යි දෙකම නැතිවෙනවා. ඊට පස්සේ තොපේ වහකාල මැරෙන්න තමා වෙන්නේ.

  5. gonsira says:

    bonded warehouse kimatada ? boru nikiyanu sudu hunu noganu, orugoawtta angana kumatada ?

  6. desta says:

    oi munta nidalle inna denna epa thopi karannada hadanne balu anduwa hadanne tambi lawwa comics pohottu para hetthikare henama gahapiyawa mulu pohootuwatama

  7. හොර බඩු හොරාටම says:

    මේ මහතා නීතිඥවරයෙක්ද නීතිඥ ගොට්ටෙක්ද? හොරාටම හොර බඩු තියා ගැනීමට ඉඩ දෙන…

  8. Nishantha says:

    නවලංකා නම් දෙහිවල ප්‍රදේශයේ තිබෙන සුපිරිහල සහ බෙස්ට් ෆූඩ් නම් සුපිරිහල ඩුබායි රට වලින් කල් ඉකුත්වීමට ආසන්න ආහාර ද්‍රව්‍ය ගෙන්වා ලේබල් මාරු කර විකුනනවා. ඒවා අඩුවට ගන්න කරුණු no දන්නා මිනිස්සු පෝලිමේ එනවා. හාර්කොට්ස් නමැති ෆාමසි සහ බෙහෙත් සැපයුම් කරු ඉතාම සාහසික, විදියට කල් ඉකුත්වූ බෙහෙත් සහ හොර බෙහෙත් විකුණලා අසුවුනා ඔඋන්ගේ ගබඩා වල කොටි ගණන් බෙහෙත් තිබුනා නමුත් මුන්ව ඔය එදා හිටපු දේශපාලකයෝ හිරේ යැව්වේ නා හරි නම් ඔය ෆාමසි ජාලය සහ සැපයුම් කරු ගේ වියාපාරය වසා දමන ඕනා

    • gamaya says:

      ජී එම ඕ නඩේ සද්ද නැ. මොකද හේතුව ? රාජිතයා බෙහෙත් මිල අඩු කරාම, අපිට ඒ බෙහෙත් ලියුවම ලැබුන කොමිස් එක අඩු නෙවෙයි නැතිම වුනා. ඉතින් අපි සයිටම්, සුවසරිය, එම්සීසී ශාෆි ඇතුළු මෙකී නොකී කරුණු වලින් යහපාලන ආණ්ඩුවට ගැහුවා වැටෙන්නම. ඒවාට බෙහෙත් ගෙන්නන අය අපිට හොඳට ගෙව්වුවා. දැන් ආයෙත් බෙහෙත් මිල වැඩියි, අපේ කොමිස් එක හොඳයි, අපිට දැන් ඔලිව් ඔයිල් වලින් වුනත් කන්න පුළුවන්. එනිසා අපිට ඔය වෙන විකාර වලට වෙලා නෑ. ප්ලීස් අපිට ඔය තෙල් ප්‍රශනය අදාළ නෑ. වෙළඳ ඇමතිට කියන්න.

  9. SL says:

    අන්න දෙරණෙ FORTUNE promote karanawa

  10. Asanga says:

    මෙයාටත් පොල්තෙල් කොටස ලැබිලනේ…

Main News