පිළිකාකාරක පොල්තෙල් තියාගන්න තැනක් නැති නිසා එම සමාගම්වල ගබඩාවලට යැවුවා..- පොහොට්ටු ලේකම්

March 30, 2021 at 12:02 am | lanka C news
පිළිකාකාරක පොල්තෙල් තියාගන්න තැනක් නැති නිසා එම සමාගම්වල ගබඩාවලට යැවුවා..- පොහොට්ටු ලේකම්

මෙරටට ගෙන්වන ලද පිළිකාකාරක පොල් තෙල් තොග රේගුවේ තබා ගැනීමට තැනක් නැති නිසා එම සමාගම් වල ගුදම්වලට යැවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍ සාගර කාරියවසම් මහතා පවසයි.

එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේද සඳහන් කළේය.

විපක්ෂය හිතන්නේ ඔවුන්ගේ කාලය තුළ රේගුවෙන් බඩු නිකුත් වුණේ නිසි ක්‍රියාධාමයට කියාලා. ඔවුන් හිතන්නේ තාමත් ඒ විදිහට සිදුවෙනවා කියලා.

මෙකේ ක්‍රමවේදය තමයි මේ රටට පොල්තෙල් ආවාම සාම්පල් ලබා ගැනීමයි. ඒ සාම්පල් සෞඛ්‍ය අංශවලට, ප්‍රමිති ආයතන වලට යවලා ඒ සාම්පල් වාර්තාව පැමිණෙන තෙක් ඒ පොල් තෙල් තබා ගන්න තැනක් නෑ. ඒ පොල්තෙල් යවනවා ගුදම්වලට.විකුණන්න නෙවේ. ඉන්පසුව දින කිහිපයක් යනවා ඒ වාර්තා එන්න.

පසුකාලයකදි පැමිණි පොල්තෙල් කිහිපයක පිළිකාකාරක ද්‍රව්‍යයක් තිබෙනවා කියලා වාර්තා වෙලා තිබෙනවා. ඒ වාර්තාව අනුව කටයුතු කරේ විපක්ෂය නෙවේ. එය වහාම ක්‍රියාත්මක කරේ අපේ රජයයි.

දැන් මේක විපක්ෂය මේක අල්ලගෙන දගලන්න හැදුවට ඔවුන්ගේ කාලයේ කරේ ඔවුන්ට කැමති විදිහට රේගුවෙන් බඩු නිකුත් කිරීමයි. එහෙම නෑ. අපි නිතිය හරියට ක්‍රියාත්මක කරන රජයක්. වාර්තාව අසමත් වුණොත් නැවත තෙල් ප්‍රතිඅපනයන කිරීම කරන්නේ.

කවුරුහරි කියනවානම් අපේ රටේ විනාශ කරන්න ඕනේ කියලා මම හිතන්නේ අපේ රටට ආදරය නැති මනුස්සයෙක් තමයි කියන්නේ. මේ කියන විදිහට ලෝකයේ ඕනම රටක් ඔවුන් පාවිච්චි නොකරන කුණු ගොඩක් ලංකාවට එවලා අපේ රට කුණු විනාශ කිරීමේ රටක් බවට පත් කිරීමයි. මේක කරන්න බෑ.

ජාත්‍යන්තර පිළිගත් සම්ප්‍රදාය තමයි යම්කිසි වැරදිසහගත දෙයක් ආවොත් ඒ වැරදි සහගත දෙය අපි විනාශ කරන්නේ නෑ. අපි එවපු රටට යවනවා එය විනාශ කරන්න.

අපේ රජයට විරුද්ධව මඩ ගහන අයට කියන්න දෙයක් නැති වුණාම පොල්තෙල් ටිකක හරි එල්ලෙනවා. අපේ රජය ඉතා වගකීමෙන් යුතුව කටයුතු කර තිබෙනවා. ඒ අවශ්‍ය නිත්‍යානුකූලව අපි කටයුතු කර තිබෙනවා.

29,532 views

23 Comments to “පිළිකාකාරක පොල්තෙල් තියාගන්න තැනක් නැති නිසා එම සමාගම්වල ගබඩාවලට යැවුවා..- පොහොට්ටු ලේකම්”

  1. බන්ගොයියා says:

    කසිප්පු, කුඩු ඇල්ලුවමත් ඔය විදිහටම කරයිද දන්නෙ නෑ.

  2. Lanka son says:

    අනේ කකාරියවසම් උබ වගෙ වල් මී හරකෙක් ….මෝඩ මූසලයෙක් ….
    කට වහගෙන ගොංකම පුදර්ශනය නොකර වහුං වෙලා හිටියනං හොදා…..

  3. බූරුමොලේ says:

    හිර ගෙවල් වල තදබදය වැඩි නිසා හිරකාරයින්ව උන්ගේ ගෙවල් වල ට යවමුද?

    • Amal says:

      ඔන්න කනෝ පිනුම් කිව්වලු පැන්නා නේද බොල සාගරයො බළලා මල්ලෙන් එලියට…අබ කෑ මිනිහගෙ නහය දනවාලු. අප්පා නොකල දේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතාලු. 😉

  4. Kalana says:

    මොන රටක්ද? මොන අමන පාලකයන්ද? අන්තවාදීන්ට ජාතිය විනාශ කරලා දාන්නම තොපි සල්ලි වලටම පාවා දෙන කාලකන්නි. තොපිට වෙනම අපායක් දෙන්න ඕන.

  5. Sura says:

    පොල්තෙල් ආනයනය කළ සමාගම් 04ක් ගැන මුලින් ම කීවනේ. එයින්,
    මුල්ම දවසේ පරීක්ෂණ දෙකෙන්ම අසමත් වුණු සමාගමේ ආනයනය කළ තෙල් තෙවැනි පරීකෂණයකින්වත් සමත්වෙලාද, දැන් ඒගැන කතාවක් නැත්තේ….
    දැන් කතා කරන්නේ සමාගම් 03ක් ගැන පමණයිනේ.

    Reply

  6. lotus says:

    සාම්පල් වාර්තාව පැමිණෙන තෙක් ඒ පොල් තෙල් තබා ගන්න තැනක් නෑ. ඒ පොල්තෙල් යවනවා ගුදම්වලට.With KEY??? Now sold out.

    නැවත water ප්‍රතිඅපනයන කිරීම කරන්නේ.

  7. PRO BONO PUBLIGO says:

    Unuth Ekai Munuth Ekai. Hitapu aya karapu nisawen apith karanawa. Niyama vachana set eka.
    Borukiyanna license thiyenne mu wage Lawyers tane.

    69lakhs den sepada ???

  8. Amda says:

    මෙයා විශය භාර ඇමතිද?
    නොදන්න මඟුල් කතා කරන්න ගිහින් පච වෙන්නෙ මොකද?
    පොහොට්ටුව කියන්නෙ මිනිසුන් විසින් මිනිසුන් සහ රට උදෙසා හදා ගත් පක්ශය…දැන් ඒක ජෝකර්ලාගෙ විමානයක් වෙලා. හරිම දුකයි

  9. මේ වගේ පිනට ආව මන්ත්‍රී ල පොහොට්ටුව නැති කරනවා…. බැසිල් එක්කම මුන් සෙට් එක පොහොට්ටුවෙන් පන්නා නොදැම්මොත් තව මාස කිපයකින් මේ ආණ්ඩුවටත් ගෙදර යන්න වෙනවා…. අපි චන්දෙ දීල ආණ්ඩුවක් හැදුවේ මේ වගේ ගොං ජෝකර්ලට රගන්න නෙමේ…. ජනපතිතුමනි , අගමැතිතුමනි…වහාම මුන් එලවා දමන්න. පමා උනොත් මිනිස්සු ආණ්ඩුවම එලවනවා..ෂුවර් …

  10. මෝ says:

    අනේ නරියො,තොපේ රජය වගකීමෙන් වැඩකරන හැටි හොදට,පේනවා.විස පොල් තෙල් වන විනාසය මදිවට එකෙක් කියනව කසිප්පු පෙරන්නත් නීතියෙන් ඉඩ දෙන්නලු.භල්ලො රැලක්.

Main News