පිළිකාකාරක පොල්තෙල් වෙළෙඳපොළේ නෑ.. සැබෑ තොරතුරු ඇතොත් කියන්න…

March 28, 2021 at 6:26 am | lanka C news
පිළිකාකාරක පොල්තෙල් වෙළෙඳපොළේ නෑ.. සැබෑ තොරතුරු ඇතොත් කියන්න…

පිළිකා කාරක ඇතුළත් ආනයනය කළ පොල්තෙල් කිසිවක් වෙළෙඳපොළට නිකුත් කර නැති බව වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ පොල්තෙල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අයි. ටී. අයි. ආයතනයට දී ඇති බවත් ඒවා මේ වන විට ගුදම්වල තැන්පත් කර ඇති අතර එම පොල්තෙල් ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා පැවසුවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසට ඉල්ලා සිටින බවද ඇමැතිවරයා පැවසුවේය.

විෂ සහිත පොල්තෙල් පරිභෝජනයට වෙළෙඳපොළට නිකුත් කර ඇති බවට විවිධ පාර්ශ්ව ගෙන යන මතවාදය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

දඹුල්ල ප්‍රදේශයේදී පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන් මාධ්‍යවලට හෙළි දරව් කළා පිළිකා කාරක ආනයනය කළ පොල්තෙල් තොගයක් මුදා හරිමින් තිබෙන බවට. ඉන් පසුදා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයාට මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා මම කීවා. පිරිසිදු නොකළ පොල්තෙල් ආනයනය නොකිරීම දිගු කලක සිට අප කරන දෙයක්. පොල් සංවර්ධන රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාත්, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයාත්, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාත් හමු වී සාකච්ඡාවක් කළා. පොල්තෙල් ආනයනය කළාම ඒවා වහාම පරීක්ෂා කළ නොහැකි නිසා ගුදම්වලට යවන බවට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි ලෙස ප්‍රකාශ කළා. ගුදම්වලට යවා ඒ ගැන පරීක්ෂා කිරීම ආයතන දෙකකින් කරනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආහාර ඒකකය මේ පරීක්ෂා කිරීම කරනවා. මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් කන්ටේනර් 13 ප්‍රතිඅපනයනය කරන්න කියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නියම කර තිබෙනවා. මේ පොල්තෙල් තොගය නිදහස් නොකර ගබඩා කර තිබෙන බව රේගු අධ්‍යක්ෂ කියා තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය එම පොල්තෙල් ගුදම්වලදී සීල් කර තිබෙනවා. එවිට වෙළෙඳපොළට නිකුත් කළ නොහැකියි. අධිකාරියේ පරීක්ෂණ අවසන් වන තෙක් වෙළෙඳපොළට නිකුත් කරන්න බැහැ. නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කීවා සීනි ආනයනය කළ අය විසින් පොල්තෙල් ආනයනය කර තිබෙනවා කියලා. එහෙම දෙයක් වෙලා නැහැ. වෙනත් සමාගම් තුනක් තමයි තෙල් ආනයනය කර තිබෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා. මෙවැනි දේ සම්බන්ධයෙන් හැකිතාක් ඉක්මණින් පරීක්ෂණ කරන්න කියලා පොලිස්පතිවරයාගෙන් ඉල්ලනවා. කවුරු වැරදි වුණත් දඬුවම දෙන්න කියන එක තමයි රජයේ ප්‍රතිපත්තිය. මිනිස් පරිභෝජනයට නුසුදුසු දෙයක් තිබෙනවා නම් එය වැළැක්වීම පාර්ලිමේන්තුව නියෝජනය කරන අපේ වගකීමක්. ආවට ගියාට තොරතුරු නොකියා සැබෑ තොරතුරු කියන්න. එවැනි තොරතුරු සඳහා මමත් පරීක්ෂණ කටයුතුවලදී සහාය දෙනවා.

10,651 views

11 Comments to “පිළිකාකාරක පොල්තෙල් වෙළෙඳපොළේ නෑ.. සැබෑ තොරතුරු ඇතොත් කියන්න…”

  1. Asanka says:

    We have right to know what is the brand name of this oil. Surely it should be a know brand name

Main News