පිළිකාකාර ආහාර ආනයනය පසුපස දේශපාලඥයන්..?

March 31, 2021 at 3:22 am | lanka C news
පිළිකාකාර ආහාර ආනයනය පසුපස දේශපාලඥයන්..?

පිළිකා කාරක අඩංගු සහ මිනිස් පරිභෝජනයට සුදුසු නැති ආහාර ද‍්‍රව්‍ය මෙරටට ආනයනය පසුපස දේශපාලඥයන් ඇතැම්විට සිටිය හැකි යැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

පිළිකා කාරක සහිත ආහාර තොග මෙරටට ආනයනය කිරීම, රේගුවෙන් නිදහස් කිරීම පසුපස සිටින දේශපාලකයන්ටත් නිලධාරීන්ටත් දැඩි දඬුවම් පැමිණිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ පොල්තෙල් පමණක් නොව මිනිස් ශරීරයට අහිතකර ඕනෑතරම් ආහාර මෙලෙස ආනයනය කරන බවයි.

ජනතාවගේ ජීවිත දූෂිත දේශපාලඥයන් නිලධාරීන් නිසා අනතුරේ හෙලන්නට බැරි බවද ඔහු පැවසීය.

රට තුළ නිෂ්පාදනය කරන ආහාරවලද විස රසායන විශාල වශයෙන් භාවිත වන බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

33,232 views

13 Comments to “පිළිකාකාර ආහාර ආනයනය පසුපස දේශපාලඥයන්..?”

  1. දේශප්‍රේමියා says:

    වැරදි කරපු එක දේශපාලකයෙක්ට දැඩි දඬුවම් දීපු දවසක් කියන්නකෝ බලන්න.ලංකාවේ සිදු නොවෙන දේවල් ගැන කතා කරන්න එපා.

  2. lalith says:

    මෙච්චර දේශප්‍රේමී විද්වත්තු ඉන්න රටේ බැරිද ස්වාධීන ආහාර ප්‍රමිතිය සොයා බලා ක්‍රියාත්මක විය හැකි ආයතනයක් පිහිටුවන්න .ඔය රජයේ සහ පෞද්ගලික ආයතන ප්‍රමිතිය විශ්වාස කල නොහැකියි. අනික ඔය රජයේ ප් නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ වත්කම් හෙළි නොකරන්නේනම් ..ඔවුන්ගේ ඇති ස්වාධීනත්වයක් නැත …ඔක්කොම කම්බා හොරුය.

  3. sumith says:

    Every town council must have labs to check food items ,otherwise by 2060 there will be unhealthy population.
    it seems there are no rules in the country to protect the nation, at least the government may introduce new law to punish such culprit so that such thing never happen again.

Main News