පිළිකා ඖෂධ පිළිබදව විෂමාචාර සිද්ධීන්වලට සම්බන්ධ සමාගමක් අසත්‍ය ප්‍රචාර කරනවා..

April 26, 2017 at 2:06 am | lanka C news
පිළිකා ඖෂධ පිළිබදව විෂමාචාර සිද්ධීන්වලට සම්බන්ධ සමාගමක් අසත්‍ය ප්‍රචාර කරනවා..

පිළිකා ඖෂධ ගෙන්වන ටෙන්ඩර් මණ්ඩලයෙන් ඡ්‍යෙෂ්ඨ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඉවත් වී නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙි පිළිබදව මාධ්‍ය මගින් පළ කළ වර්තා පිළිබද අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව කියා සිටියේය.

ඖෂධ මිල අඩු කිරිම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ ටෙන්ඩර්වල සිදු වී ඇති දුෂණ වංචා නතර කිරිම හේතුවෙන් ඖෂධ සමාගම් කැළඹී ඇත. විෂමාචාර සිද්ධීන්වලට සම්බන්ධ ඖෂධ සමාගම්වලට නීති රීති ද පනවා ඇත. එවැනි නීති රීති පනවන ලද ඖෂධ සමාගමක් මෙවැනි අසත්‍ය ප්‍රචාර මාධ්‍යට ලබා දී ජනතාව නොමග යවයි. පිළිකා ඖෂධ ටෙන්ඩර් මණ්ඩලය තුළ ගැටළුවක් ඇති වී නොමැති බව අතිරේක ලේකම් වෛද්‍ය ආර්.ආර්.එම්.ආර් සියඹලාගොඩ මහතා මා වෙත දැනුම් දී ඇත. ටෙන්ඩර් මණ්ඩලයට අදාල වෛද්‍යවරුන් ද සහභාගි වී ඇත. නීති රීති පනවා සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ ලබාගැනිම තහනම් කළ විෂමාචාර සිද්ධීන්ට සම්බන්ධ ඖෂධ සමාගමක් විසින් මෙම අසත්‍ය ප්‍රචාර නිකුත් කිරීම සිදු කරයි.

පිළිකා ඖෂධ හිඟයකින් තොරව රෝගීන්ට ලබාදීමට පියවර ගෙන ඇත. ඖෂධ මිල අඩු කිරීමෙි වැඩපිළිවෙල යටතේ දෙවන අදියරේ දී පිළිකා ඖෂධවල මිල අඩු අඩු කිරීමට අවශ්‍ය කටයුතු සළස්වන ලෙස මම ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දී ඇත. නිදහස් සෞඛ්‍ය සේවාව සමාගම්වලට අවශ්‍ය පරිදි මෙහෙයවීමට තමන්ගේ සුදානමක් නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

102 views

3 Comments to “පිළිකා ඖෂධ පිළිබදව විෂමාචාර සිද්ධීන්වලට සම්බන්ධ සමාගමක් අසත්‍ය ප්‍රචාර කරනවා..”

  1. Boo says:

    අසත්‍ය ප්‍රකාශ කලේ තෝනේ චන්දෙ කාලේ වේදිකා වල, මහින්දහේ රත්තරන් අස්සයෝ, ලම්බෝගිනි, ඩුබායි මාලිගා, තජුදීන්ගේ CCTV දර්ශන ගැන ?

    දැන් මතක නැද්ද දිව දෙකේ කක්කුස්සි කටෝ?

    • Boo Matta says:

      Pala Gon Buuruwa apahasa nokara

      • Boo says:

        Ha Ha nice name for you, well matching your brain. Sounds like a bath balaya at kakussi kataa’s house. Keep sucking ! Give kakussi kata some fun.

Main News