පිළිකා රෝග පරීක්ෂණයකට ස්වීඩනයේ සහාය..

February 8, 2017 at 2:01 am | lanka C news
පිළිකා රෝග පරීක්ෂණයකට ස්වීඩනයේ සහාය..

ශ්‍රී ලංකාවෙි පිළිකා රෝගය පැතිරයාමට බලපා ඇති හේතු පිළිබදව පර්යේෂණ කිරීමට ස්විඩනයේ පර්යේෂණ කණ්ඩායමක් සුදානම් වෙයි.

මහාචාර්ය ඡෝන් මිීවැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම පර්යේෂණ කණ්ඩායම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හමු වී මෙි පිළිබදව සාකචිඡා කරන ලදි. මහරගම අපේක්ෂා රෝහල සමග ඒකාබද්ධ වී එම පර්යේෂණ සිදු කරන අතර, මෙහිදී ලේ පිළිකා පිළිබදව විශේෂ අවධානය යොමු කිරීමට නියමිතයි.

පිළිකා රෝගීන් සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන ප්‍රතිකාර සහ සහන සේවා පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා එම පර්යේෂණ කණ්ඩායම දැනුවත් කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා ද එක්ව සිටියේය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

11 views
Main News