පිළිකා සහ ශ්‍රවණාබාධ රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරිමට ඩයලොග් ආයතනයෙන් සහ රොටරි සමාජයෙන් රුපියල් මිලියන 185 ක්….

December 23, 2017 at 2:13 am | lanka C news
පිළිකා සහ ශ්‍රවණාබාධ රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරිමට ඩයලොග් ආයතනයෙන් සහ රොටරි සමාජයෙන් රුපියල් මිලියන 185 ක්….

නාරාහේන්පිට ඉදිකිරීමට යෝජිත පිළිකා රෝග කළින් හදුනා ගැනීමේ මධ්‍යස්ථානය සහ දෘෂ්‍ය හා ශ්‍රවණාබාධ රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය ඉදිකිරිම සදහා ගිවිසුම් අත්සන් කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිනි.

ඩයලොග් ආයතනය සහ කොළඹ රොටරි සමාජය ඒකාබද්ධව මෙම මධ්‍යස්ථානය ඉදිකරන අතර, ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 185 කි.
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස මහතා සහ ඩයලොග් ආයතනය වෙනුවෙන් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා ගිවිසුමට අත්සන් කරන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “මෙම ව්‍යාපෘතිය 2004 වසරේ සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබුනත් වසර 13 ක කාලයක් එය ප්‍රමාද වුනා. ඒ සදහා විවිධ හේතු බලපෑවා. නමුත් ඩයලොග් ආයතනය සමග රොටරි සමාජය ඒකාබද්ධව එම ගොඩනැගිල්ල උපකරණ සහිතව ලබාදීමට ඉදිරිපත්ව සිටිනවා. ඉඩම පිළිබදව ගැටලු තිබුන ද එය පසුව විසදා ගත්තා. ඩයලොග් ආයතනයෙන් 2018 වසරේ දී සෞඛ්‍ය සේවාවට තවත් ආධාර ලැබෙයි කියා මා බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ ද දේශණා කර ඇත්තේ “ආරෝග්‍යා පරමා ලාභා” කියලා. මෙය පුණ්‍ය කටයුත්තක්.”

මෙම අවස්ථාවට කොළඹ රොටරි සමාජයේ අධිපති පුජ්‍ය බදගිරියේ සෝමවංශ නාහිමි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සහ ඩයලොග් ආයතනයේ සියලුම නිලධාරීන් ද එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

61 views
Main News