පීසා හට් නිසා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්විම මහා ගාලගොට්ටියක්…

August 28, 2017 at 4:40 pm | lanka C news
පීසා හට් නිසා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්විම මහා ගාලගොට්ටියක්…

ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ රැහුණු සංචාරක කාර්යංශයට අයත් ඉඩමක පීසා හට් ආයතනයක් දැමීම සම්බන්ධයෙන් පසුගිය ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ඇති වු ගැටලුව සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීම 28 දින පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණයේ දී ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා විසින් සිදුකරන ලදී.

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සම සභාපතිවරුන් වන දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතාගේ හා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි යන අයගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී.කොඩිකාර මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහි දී අදහස් දැක් වු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා,

මෙම ඉඩම මුලින්ම තිබුනේ අධ්‍යාපන අමාත්‍යංශයට පසුව කොටස් තුනක් යටතේ ආයතන තුනකට දුන්නා. ඉන් කොටසක් තමයි රැහුණු සංචාරක කාර්යංශයට ලැබුනේ. ඒකේ තමයි මේ ගොඩනැගිල්ල හැදුවේ මේකේ කාමර 10 ක් අවම වෙලඳ ව්‍යාපාර සදහා ලබා දීමට තමයි අනුමැතිය තිබුනේ. අද ලංකාවෙට එන සංචාරකයින් මෙහේ ඇවිත් තොරතුරු හොයන්නේ නෑ. ඒවා ඒ රටේ දීම හොයාගෙන එන්නේ. තොරතුරු කාර්යංශය කියන එක ආවේ 2006 යේ. අද වන විට තොරතුරු තාක්ෂණය ගොඩක් දියුණු වෙලා. කොල බලලා සංචාරකයින් සංචාර කරන්නේ නෑ. කොහොම වුනත් පළාත් සභාවට මුදල් කොමිසම කිව්වා පෞද්ගලික අංශය සමඟ සම්බන්ධවෙලා මේ ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ කටයුත්ත කරන්න කියලා. ඒ කියන්නේ ඒකාබද්ධ ව්‍යාපාරයක් විදියට කරන්න කියලා. ඊට පසු දකුණු පළාත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්වුනා පත්‍රිකාවක් ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස කරන්න කියලා. ඒක කැබිනට් එකේ දී අනුමත වුනා. මේක දුන්නේ පත්තර වල දැන්වීම පලකරලා. ඇගයීම් කමිටුවලට දාලා තමයි ආයෝජකයා තොරා ගත්තේ. එහෙම ආයෝජකයා තෝරාගෙන වැඩේකරන කොට තේරුනා ඉඩම නිසි පරිදි අධ්‍යාපන අමාත්‍යංශයෙන් රැහුණු සංචාරක කාර්යංශට අරගෙන තිබුනේ නැති බව. කෙහොම හරි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් මේක ඉල්ලුවාම ඒ අය දුන්නේ ප්‍රා දේශීය ලේකම්ට. මම දන්නේ නෑ මොන හේතුවක් නිසාද කියලා මේක පවරා ගනිද්දී අධ්‍යාපන අමාත්‍යංශය ගොඩක් කරදර කලා. ඉල්ලන හැම දේම දීලා තමයි අපි පවරා ගත්තේ.

හෝටල් හිමියන්ගේ සංගමය පීසා හට් එකට විරුද්ධ වෙලා. හෝටල් හිමියන් කරන්නේ මහජන නියෝජිතයින් ට වැරදි තොරතුරු දීලා. පීසා හට් එක තියෙන්නේ එක කෑල්ලක විතරයි. හෝටල් හිමියන්ට තියෙන්නේ ව්‍යාපාරික ප්‍රශ්නයක්. මගේ මතය නම් හික්කඩුවට පීසා හට් වගේම කේඑෆ්.සී. සහ මැක් ඩොනල්ඩ් පවා එන්න ඕන. ඒ නිසා පළාත් සභාවේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදිය යුතුයි.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එජනිස මොහාන් පී ද සිල්වා,

ඕක ගැන නිවැරදිව ගිය වර රැස්වීමේ දී කිව්වේ. නෑ. අපිට දැන ගන්න ඕන වුනේ මේක ගැන දැනගන්න. ගියසැරේ මෙතන හිටපු සභාපතිවරයා මගේ ඇගට කඩා පැන්නා. ඒකයි ප්‍රශ්නය වුනේ. මේක නීත්‍යානුකූලව වෙලා තියනවා. එහෙම නම් ප්‍රශ්නයක් නෑ. දැනට තියෙන්නේ මෙතන පීසා හට් එකක් විතරයි. ඔතුමා කියන විදියට අනිත් ඒවත් දාලා මෙතන ලස්සනට හදන්න. අපේ විරුද්ධත්වයක් නෑ.

සම සභාපති විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජප) ,

ඒ අනුව දැන් මේ ප්‍රශ්නය විසදී ඇති නිසා මේ සම්බන්ධ ඉදිරි වැඩ කටයුතු කිරීමට අවශ්‍ය අවස්ථාව ලබා දෙනවා.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහාන් පී ද සිල්වා මහතා

මෙය සංචාරක අමාත්‍යංශයට දුන්නා.මෙයට මුදල්කොමිසමෙන්ද මුදල් දුන්නේ නෑ.දැනුවත් කිරිමක් නෑ. දැනට තියෙන්නේ පීසා හට් එකක් එකයි.අපි මඩ ගහන්නේ නෑ.නිෂ්චිත වැඩසටහන ක්‍රියාත්මක කරන්න.අපිත් දැනුවත් කරන්න.අපි සහයෝගය දෙනවා.

දකුණු පළාත් සභා ප්‍රධාන ඇමති ශාන් විජේලාල්ද සිල්වා මහතා

මෙහි අරමුණ හා වගකිම නිසි පරිදි සිදු කරනවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා

මෙම ඉඩම නිසි පරිදි ආයතනවල හා අනුමැතිය දෙන්න. අනුමැතිය ගන්න.මෙය අධ්‍යන කටයුතක් වෙනුවෙන් තිබුනේ ඉඩම මෙය වෙනත් කටයුත්තකට යොමුකරන්න හැකිය කියලා සකස් කරමු. තොරතුරු මධ්‍යස්ථානය සඳහා මේ කරුණු පදනම් කරගෙන කටයුතු සිදු කරන්න.

– සුනෙත් ගාල්ලගේ

273 views
Main News