පී. හැරිසන් කෝටි 140ක රජයේ වී ජාවාරමක.. – ජනපති සොයුරු ඩඞ්ලි සිරිසේන මාධ්‍ය හමුවේ හෙලි කරයි..
December 28, 2016 at 3:46 am | lanka C news
අද රටේ ඇති වී තිබෙන සහල් අර්බුදයට ඇමති පී. හැරිසන් සෘජුවම වගකිව යුතු යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු, ප්‍රසිද්ද ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන මහතා චෝදනා කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ රජය සතු වී කිලෝ කෝටි 20කින් රුපියල් කෝටි 140ක් වංචා කිරීමේ සූදානනමක් ඇති බවයි.