පුංචිනිලමේ පොහොට්ටුව අතහැර සජිත් පිලට..?

October 2, 2019 at 10:18 pm | lanka C news
පුංචිනිලමේ පොහොට්ටුව අතහැර සජිත් පිලට..?

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීම සදහා එම පිල හා එක්වීමට සූදානමක් ඇති බව පසුගිය සතිය පුරාම මාධ්‍ය වාර්තාවන් පලවිය.

එවන් කිසිම සූදානමක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

තමන් ඉදිරියටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නායකයා ලෙස කටයුතු කරන බවද ඔහු පැවසුවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම සඳහා අවශ්‍ය සියලු කටයුතු තමන් ත‍්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ සූදානම් කර ඇතැයිද ඔහු එහිදී පැවසීය.

519 views

19 Comments to “පුංචිනිලමේ පොහොට්ටුව අතහැර සජිත් පිලට..?”

  1. migara says:

    මොන දෙසපලකයා පැත්ත මාරු කලත් බිම් මට්ටමේ ඉන්න ජනතාව ගෝටා තෝරාගෙන ඉවරයි.
    මොකද කතිරේ ගහන්නේ ජනතාවගේ අතින් මිස දෙසපලුවාගේ අතින් නෙවෙ.

  2. Ratnamalala says:

    පරාල ඇන ටිකකුත් අරගෙනම යන්න කියමු. මුන් පැත්ත මාරුකලාට UNP ම තමා.

Main News