පුංචිම මිනිහාත් දැන් ආණ්ඩුවට බනිනවා.. – ජනපති
January 25, 2017 at 10:40 am | lanka C news
ලොතරැයි මිල රුපියල් 30ක් කිරීමට ගත් හිතුවක්කාර තීරණය නිසා ඉතා අසීරුවෙන් ජීවත් වූ මේ වන තෙක් ආණ්ඩුවට නොබැන සිටි අය පවා ආණ්ඩුවට බැණ වදින්නට පටන් ගෙන ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ මුදල් ඇමති රවි කරුනානායක මහතා විසින් ලොතරැයි මිල ඉහල දැමීම සම්බන්ධයෙන් ඊයේ දින පැවති කැබිනට් මණ්ඩලයේදී කරුණු පැහැදිලි කිරීමට උත්සාහ ගත් අවස්ථාවේදීය.
රටේ සාමාන්‍ය ජනතාවද විවිධ ආකාරයේ බදු වැඩි කිරීම් හේතුවෙන් ආණ්ඩුවට බනින බවත් පෙන්වා දී ඇති ජනාධිපතිවරයා ලොතරැයි මිල ඉහල දැමීමෙන් සිදුව ඇත්තේ ආණ්ඩුවට මෙතෙක් නොබැණ සිටි පිරිස් පවා බැණ වැදීම බවද සදහන් කර ඇත.