පුංචි ආණ්ඩු 93ක් සදහා මැතිවරණය කැදවෙයි.. නාම යෝජනා බාර ගැනීම අනිද්දා සිට..
November 25, 2017 at 6:48 pm | lanka C news
අධිකරණයෙන් වාරණ නියෝග නිකුත් කර නැති පළාත් පාලන ආයතන 93ක් සදහා මැතිවරණය පැවැත්වීම සදහා නාම යෝජනා කැදවීම ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි.
ඒ අනුව අනිද්දා 27 දිනයේ නාම යෝජනා කැදවීමේ දැන්වීම් ප්‍රසිද්ද කරන බවත් ඉන් පසු එදින සිට දින 14 ක් තුලදී නාමයෝජනා බාර ගන්නා බවත් කොමිසම සදහන් කරයි.
මැතිවණ කොමිසම විසින් අද පස්වරැුවේ පැවති විශේෂ හමුවකදී මෙම තීන්දු ගත් බව මැතිවරණ කොඹිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.
අභියාචානාධිකරණය විසින් නිකුත් කර ඇති වාරණ නියෝගය බලපාන්නේ පළාත් පාලන ආයතන 203 කට බවත් සෙසු පළාත පාලන ආයතන 133 සඳහා මැතිවරණය පැවැත්විය හැකි බවත් ඔහු සදහන් කලේය.
කෙසේ වෙතත් ගැසට් නිවේදනයේ ඇති මුද්‍රන දෝෂයන් හේතුවෙන් ඉන් පළාත් පාලන ආයතන 40 ක මැතිවරණය පැවැත්වීම කල් යන බවද ඔහු පැවසීය.
77 views
ඒ පාර මුද්‍රන දෝසයක්?
😂
ගැසට් එකක්වත් හරියට ගහ ගන්න බැරි ආණ්ඩුවක්… ප්රභාකරන් මේ වගේ ආණ්ඩුවක් තියෙද්දී අද ඡීවත් වුනා මේ රටට කුමකින් කුමක් වෙයිද කියලා හිතා ගන්නවත් බෑ….
මේක තනිකරම රනිල්-සිරා ප්ලැනක්. උන්ට දිනන්න පුළුවන් වෙයි කියලා හිතෙන ඒවා විතරක් තියල අනිත්වට මුද්‍රන දෝෂ. යකෝ ගැසට් එකකවත් අකුරු හරියට ගහන්න බැරිනම් ප්‍රින්ටින් කෝපරේෂන් එක වහල දන්නා ඕනේ. බොරුනේ. ඊළඟට 27 නාම යෝජනා කැදවීමේ දැන්වීම් ප්‍රසිද්ද කරන්නේ කාටවත් මේකට විරුද්දව යන්න බැරිවෙන්න, මොකද ඉරිදා නිවාඩු සඳුදා දැන්වීම්. බඩු හරිනේ. ලේකම්ලා අස් කරපු එකේ පාර්ට් 2.