පුංචි කොල්ලො වටකරගෙන ජනාධිපතිට ටොකු අනිනවා.. ජනාධිපතිට උහුලන්න බැරි වුණාම අමු බොරු කිය කිය මට බනිනවා..- මහින්ද

January 24, 2018 at 3:27 am | lanka C news
පුංචි කොල්ලො වටකරගෙන ජනාධිපතිට ටොකු අනිනවා.. ජනාධිපතිට උහුලන්න බැරි වුණාම අමු බොරු කිය කිය මට බනිනවා..- මහින්ද

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් රවි කරුණානායක මහතාට එරෙහිව ගෙන එන ලද විශ්වාස භංගයට තමන් ඡන්දය භාවිත නොකර රවි කරුණානායක මහතා දුරකතනයෙන් අමතා සුබ පැතුවේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්පූර්ණ අසත්‍ය එකක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

රවි කරුණානායක මහතාට එරෙහිව බැදුම්කර වංචාව සම්බන්දයෙන් මේ වන තෙක් විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ඒකාබද්ද විපක්‍ෂය විසින් ඉදිරිපත් කර නැති බවත් කී ඔහු බැදුම්කර වාර්තාව නිසි ලෙස අධ්‍යනය කර රවි කරුණානායක හිටපු ඇමතිවරයා ගෙදරම යැවීම සදහා විශ්වාස භංගයක් ඉදිරිපත් කරන්නේ යයිද කියා සිටියේය.

රාජපක්‍ෂ මහතා මේ අදහස් පල කලේ බලංගොඩදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

අද ඊයේ පාර්ලිමේන්තුවට ආ එක්සත් ජාතික පක්‍ෂයේ පොඩි කොල්ලන්, පළාත් සභා මන්ත‍්‍රිලා ජනාධිපතිට වටකරගෙන ටොකු අනිමින් සිටින බවත් එම ටොකු ඉවසා ගන්නට බැරි වූ පසු ජනාදිපතිවරයා බොහොම තරහින් තමනට බනින්නේ යයිද හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් එහිදී කියා සිටියේය.

15 views

5 Comments to “පුංචි කොල්ලො වටකරගෙන ජනාධිපතිට ටොකු අනිනවා.. ජනාධිපතිට උහුලන්න බැරි වුණාම අමු බොරු කිය කිය මට බනිනවා..- මහින්ද”

  1. Gotaimbara says:

    Very true. Sirisena rookadaya doesn’t know whether he is coming or going.

    Jayawewa to Pohottuwa, jayawewa to Rajapakse, Jayawewa to the country. Theruwan Saranai

    • බූරුව says:

      ආප්ප සිරා යනු. වංක කමේත්, ද්‍රෝහිකමේත්, කෑදරකමේත්, කපටිකමේත්, නූගත් කමේත් අපූර්වතම සංකලනයකි.

  2. රාහුල මල්ලී says:

    හැබැයි මෙතෙනදී නම් ඡනපතිට කවුරු හරි හොඳ දිරච්ච ලණුවක් දීලා… විශ්වාසභංගය ගේන්න කලින් රවී ඇමතිකමෙන් ඉල්ලා අස්වුනා නිසා කථානයක එම විශ්වාසභංගය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකේටවත් ඇතුලත් කරලා නෑ… ලඟ ඉන්න අයගෙන් පරිස්සම් නොවුන හින්දයි මහින්දත් අද ඔය තැන ඉන්නේ.. ඉදිරියෙන් එන සතුරාට වැඩිය ලඟ සිටින මිතුරාගෙන් ප්‍රවේසම් වෙන එක හොඳයි…

  3. Manel says:

    Absolutely correct. My 3 has no chance against UNP or SLPP. Man who never got in to the stage at the general election in 2015 is on every stage now. He can still gather about 100 people for a rally.

  4. HUNA says:

    MY3 ta UNP toku sapai

Main News