පුංචි ඡන්දයට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගැනේ.. රට පුරා එකවර මැතිවරණය සූදානම්..

November 30, 2017 at 2:10 pm | lanka C news
පුංචි ඡන්දයට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගැනේ.. රට පුරා එකවර මැතිවරණය සූදානම්..

පළාත් පාලන මැතිවරණ කොට්ඨාශ ක‍්‍රමයට පැවැත්වීමට අදාලව නිකුත් කර ඇති සීමා නිර්ණ ගැසට් පත‍්‍රය අවලංගු කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම එහි පෙත්සම්කරුවන් විසින් මීට ටික වේලාවකට පෙර ඉල්ලා අස්කර ගන්නා ලදී.

පෙත්සම්කරුවන් වෙනුවේ පෙනී සිටි නිතිඥවරයා අධිකරණය දැනුම් දෙනු ලැබුනේ ඇමැතිවරයා සමඟ ඇති කර ගත් එකගතාවයක් මත තම සේවා දායකයන් විසින් පෙත්සම ඉල්ලා අස්කර ගැන්නා බවයි.

නීතිපතිවරයාද කියා සිටියේ පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට ඉඩ දීම ගැන තම විරුද්ධත්වයක් නැති බවයි.

කරුණු සියල්ල සලකා බැලූ අභියාචනාධිකරණය විසින් පෙත්සම නිෂ්ප්‍රභ කරනු ලැබීය.

මේ තත්වය මත රට පුරා සියළු පළාත් පාලන ආයතනයක් සදහා වන මැතිවරණය එක් දිනයක පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇත.

54 views

14 Comments to “පුංචි ඡන්දයට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගැනේ.. රට පුරා එකවර මැතිවරණය සූදානම්..”

  1. D.Nimal says:

    Right to vote is key pillar of Democracy of Sri Lankan since 1931.
    MS UNP Ranil wicks and CBK has betray right vote last 3 years. Their(UNP) not that democratic, without voting ,they denied main path of Democracy.
    UNP leaders want to killed right of vote by suppressed by extended of voting Rights.
    JVP did not believed votes ,they are for GUN rule politics

Main News