පුංචි ඡන්දයට එරෙහි පෙත්සමට අධිකරණය අද දුන් තීන්දුව මෙන්න..
November 16, 2017 at 12:00 pm | lanka C news
පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව 2017.02.17 වන දින නිකුත් කරන ලද අංක 2006/44 දරණ ගැසට් පත්රය අවලංගු කරන්නැයි ඉල්ලමින් ඡන්ද දායකයින් හය දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම වැඩිදුර සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීන්දු කලේය.
ඒ අනුව එළැඹෙන 22 වැනිදා එය වැඩිදුර සලකා බැලීමට දින නියම කරනු ලැබීය.
පෙත්සමට මැදිහත්වීම සදහා අවසර දෙන ලෙස ඉදිරිපත් කර තිබූ අතරමැදි
පේතසම්වලට අවසර දෙන්නේදැයි සලකා බැලීමද අද දිනයේ සිදු විය.
මෙම පෙත්සම මගින් පළාත් පාලන මැතිවණය තව දුරටත් කල් දැමීමට කටයුතු කරමින් ඇති බවට පැෆරල් සංවිධානය චෝදනා කරයි.
මේ නඩු දාලා තියෙන්නේ ආණ්ඩුවේ හෙංචයියලා! මේකට දෙන තීන්දුව අපට දැනටමත් හිතාගන්න පුලුවන්! නඩුත් හාමුදුරැවන්ගේ බඩුත් හාමුදුරැවන්ගේ කතාව ඔප්පු වෙන තවත් අවස්ථාවක් වේවි!
chandaya naha. onna yahapaalane. maru neda? chande deepu evun dan redi galawagena hitapiyawu. thopita lajjawa kiyala ekak nathi nisa baya wenna deyak naha. mokuth penenne nahane.
අනුරාදපුර මහින්ද මහතාගෙ ජනතාව දඑකල බය වෙලා.