පුංචි ඡන්දයට නොනවතින බාධා.. සීමා නිර්ණයට එරෙහි තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට…
December 4, 2017 at 6:48 pm | lanka C news
පළාත් පාලන ආයතනයන්හි සීමා නීර්ණ ගැසට් පත්‍රයට එරෙහිව අද දිනයේද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් විසිනි.
ඔහු පවසන්නේ නුවරඑළිය අඹගමුව ප්‍රාදේශිය සභාවේ නව සීමා නිර්ණය නිසා තමනට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි.
පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා, එම අමාත්‍යංශ ලේකම් හා මැතිවරණ කොමිසම මෙහි වගඅත්තරකරුවන් ලෙස නම් කර ඇත.
නව සීමා නිර්ණයෙන් අඹගමුව ප්‍රාදේශිය සභාව කොටස් 3කට වෙන් කිරිම නිසා ජනතාවට මෙන්ම සභිකයින්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවද පෙත්සමේ සදහන්ය.
මේ හේතුවෙන් සීමා නිර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා සිටී.
ඊනියා ජාතික ආණ්ඩුවට…….
පරාජිතයන් මන්ත්‍රීවරු කරමින් ඇමති තනතුරු ලබා දීමට….
මැතිවරණ කල් දැමීමට…..
බැදුම්කර හොරුන් අත්අඩංගුවට නොගැනීමට…..
බඩු මිල වැඩිවීමට….
සුඛෝපභෝගී වාහන ඇමතිවරුන්ට ලබා දීමට….
විශාල ඇමති මණ්ඩලයට….
දින 100 පොරොන්දු ඉටු නොකිරීමට….
ඔබ විරැද්ධ නම්
එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔබේ ඡන්දය ලබා නො දෙන්න……
මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයෙන් ජනාධිපතිට සහ අගමැතිට පාඩමක් උගන්වමු…..!
ඔබට ජය…. ඉන් රටට ජය…..!
We ALSO do NOT need any commission deals. We blamed Mahamdananda, Namal, Basil and others for deals. Then we blame UNP for deals and robberies.
In our history we blame both. Life goes on. Blame shifts as those who come to power pointing blames of other start looting through commissions.
Can Mahinda say he will have stringent code of practice to his group regarding looting ,commissions and abuse!