පුංචි ඡන්දයෙන් පසු කතානායකගෙන් විශේෂ නිවේදනයක්..

February 12, 2018 at 12:40 pm | lanka C news
පුංචි ඡන්දයෙන් පසු කතානායකගෙන් විශේෂ නිවේදනයක්..

පවත්වා අවසන් වූ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා කැපවූ සැමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රණාමය

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා වූ නව මැතිවරණ ක්‍රමයක පලමු අත්දැකීම ලබමින් පෙබරවාරි 10 වන දින පවත්වන්නට යෙදුණු මැතිවරණය නිදහස් හා සාධාරණ සාමකාමී මෙන්ම ආදර්ශමත් අයුරින් පවත්වන්නට හැකිවීම බහුජන ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයකි.

මෙවර මැතිවරණය, බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැනි අමිහිරි වචන අසන්නට නොලැබුණු තරමේ ගෞරවනීය අන්දමින් පැවති මැතිවරණයක් ලෙස ඉතිහාසයට එක් වීම ශිෂ්ඨ සම්පන්න සමාජයක් ලෙස තැබූ ඉදිරි පියවරකි.

මෙම ක්‍රියාදාමය සඳහා පුරෝගාමී වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් ඇතුළු කොමිෂන් සභා සෙසු සාමාජිකයින්ද සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිතුමා, සාමාජිකයින් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයද මැතිවරණ දෙපාර්තමේන්තුවේ අතිරේක මැතිවරණ කොමසාරිස්තුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයද ඒ සමග එක් වූ සියලුම රාජ්‍ය නිලධාරීන්ද ඉටු කළ ‍විශිෂ්ඨ සේවාව පැසසුම් කටයුතු බව සඳහන් කරමු.

එමෙන්ම, නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ පොලිස් දෙපාර්තමේන්තුව සහ අනෙකුත් සන්නද්ධ සේවාවන්හි නිලධාරීන්ටද සියලුම දේශීය හා විදේශීය මැතිවරණ නිරික්ෂණ සංවිධාන නියෝජිතයන්ටද කෘතවේදීත්වය පිරිනමමු.

එමෙන්ම නීතිගරුකව මැතිවරණ කටයුතුවල නිරත වීම සඳහා ස්වකීය අපේක්ෂකයන් සහ පාක්ෂිකයන් මෙහෙයවූ සියලුම දේශපාලන පක්ෂ නායකයින්ද අපක්ෂපාතීව ජනතාව වෙත නිවැරදි තොරතුරු වාර්තා කරමින් විශිෂ්ඨ දායකත්වයක් ලබා දුන් සියලුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනද නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කළ කැපවීම අගය කරමු.

අවසන් වශයෙන් රට වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ස්වකීය නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා සාමකාමී අන්දමින් ඡන්දය ප්‍රකාශ කර තම මතය දැක්වීමට ඉදිරිපත් වූ සමස්ත ශ්‍රී ලංකාවාසී ඡන්දදායකයන් වෙතද ගෞරවනීය ස්තුතිය පුද කරන්නෙමු.

මෙතැන් සිට ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කරමින් රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවා යැයි තේරී පත්වූ සියලුම මහජන නියෝජිතයන් වෙත සුභාශිංසනය කරමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවෙන්
සභාපති
කරු ජයසූරිය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක

54 views

13 Comments to “පුංචි ඡන්දයෙන් පසු කතානායකගෙන් විශේෂ නිවේදනයක්..”

  1. sisiraanu says:

    I can not understand this “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවෙන්
    සභාපති
    කරු ජයසූරිය” He is the speaker so “ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක” is enough.

    • chandimani says:

      Agree!

    • Rohitha says:

      honda nireekshanayak. kohomahari fed. consti. eka passkaralama chuta wentai munge adahasa. ethakota rata untath nae apitath nae. ehema wenta denta bae. slpp saha anek deshapreminta munta wiruddawa parata bahintawena dawasa waedi aethaka nowei.

  2. Pachaya says:

    You talk big about democracy but within your parliament no democracy exist.

    Jt opposition should be given “main opposition ” and opposition leaders position

  3. kamalasirikuruwita says:

    ” ජයග්‍රාහකයන්ට සුබ පැතීම ” යන ශිෂ්ට ලෝකයේ සම්ප්‍රදායවත් නොදන්නා අශිෂ්ට මිහරකෙක් කතානායක වීම මොන තරම් කනගටුදායකද ? මෙය සුදු රෙද්ද බැනියමෙන් වසා ගෙන ඉන්න, කොන්ද පන්න නැති , කුහකයෙක් හෙළුවැලි වූ අවස්ථාවකි . මු රටේ අගමැති නොවුනෙත් රටේ වාසනාවට . රනිල් එහෙම වුනෙත් රටේ හා පක්ෂයේ අවාසනවටයි .

    • සාධාරණ මිනිසා says:

      මොකක්ද ගොන් හරකො තමුන් මේ ලියපු එකේ තේරුම

  4. Manel says:

    Me too. I don’t understand this language. He is the Speaker for the Parliament. What is he doing for a Constitutional Assembly? Can Udaya Gmmanpila or someone explain this to us? Is this man known by two designations or holding two posts? If Wimal’s party is not a part of this constitutional assembly, what’s Karu Jayasuriya for Wimal?

  5. Asaranaya says:

    හීන් බබා සීයාගෙ අප්පොච්චා කිව්ව ලෙසට හීන් බබා සීයා හීන් සැරේ අධෝ වාතයක් යැව්වානේ බොලන්, ඒත් ගඳයි, පසුගිය දවස් වල අලි මස් ම කාලා

  6. Samare says:

    ඔය නිකම්ම නිකං හුදු වචන සැට් එකක් පමණි. එහි ඇති කිසිම වටිනාකමක් නැත. ඔබ උත්තරීතර සභාවක පැහැරූ තැනැත්තෙකි. ඔබ වැනි නින්දිත ලෙස උත්තරීතර සභාවක් හැසිරූ අයෙකු නොදියුණු අප්‍රිකානු ගෝත්‍රික
    සභාවකවත් සිටීදැයි සැක සහිතය. ලොකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ මේවාටය.

  7. අපට ඕනේ කක්කා නාකියෙක් නොවේ. says:

    අපට ඕනේ කක්කා නාකියෙක් නොවේ. විශ්වාසය ආරක්ෂා කරමින් රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි කතානායක කෙනෙකි. ගතවූ කාලය තුල පාර්ලිමේන්තුවේ කක්කා නායකයෙකු වූ ඔබ ඒකාබද්ද විපක්ෂයට සලකු ආකාර ඔබ වැනි උපාසක බලලෙකුගෙන් අපි බලාපොරොත්තු නොවෙමු. කරුණාකර ජනමතයට හිස නමා කක්ක නායක නොවී වැඩ කල හැකි කතානායක වරයෙකු අද පටන් වැඩ කරන ලෙස ඉල්ලමු. එකාබද්දයට දැන්වත් හිමි වරප්‍රසාද නොදුන්නොත් ඔබටත් වන්නේ පරාජිතයෙකු ලෙස පෙන්සෝන් ගැනීමය. අහෝ දුකකි. ඔබත් me මැතිවරණයෙන් ප්‍රතික්ෂේප වූ වරු මොටෙක් නේද?

  8. Love nature says:

    ඇත්තටම ඇයි අන්දරේලා ඕන උනේ? ලංකාවේ විතරක් නෙවෙයි අනික් රටවල් වලත් රාජ සභාවට විහිලු සපයපු කට්ටිය හිටියා. හැබැයි ඔය විහිලු සපයනවා කියන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. බලන්ඩකෝ අපේ කතානායක කරු

  9. GA says:

    Been baba seeya. Pl go home.

  10. Jana Gosha says:

    Provincial elections were postponed by this speaker’s actions .What democracy is he talking?
    He has signed a statement prepared by Ranil.

Main News