පුංචි ඡන්දයෙන් පසු පළමු ඡන්දයෙන්ම පොහොට්ටුව 80% පනී.. පඩුවස්නුවරින් පොහොට්ටුවට 06යි.. එජාපයට 01යි.. දයාසිරිට කිසිවක් නෑ..

June 17, 2018 at 12:01 am | lanka C news
පුංචි ඡන්දයෙන් පසු පළමු ඡන්දයෙන්ම පොහොට්ටුව 80% පනී.. පඩුවස්නුවරින් පොහොට්ටුවට 06යි.. එජාපයට 01යි.. දයාසිරිට කිසිවක් නෑ..

පඬුවස්නුවර සමුපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ දැවැන්ත ජයග‍්‍රහණයක් හිමිව තිබේ.

එහිදී පොදුජන පෙරමුණේ අධ්‍යක්‍ෂවරුන් 06 දෙනෙකු තේරී පත්ව ඇති අතර එක්සත් ජාතින පක්‍ෂයෙන් පත්ව ඇත්තේ එක් අධ්‍යක්‍ෂවරයෙක් පමණි.

ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂයෙන් කිසිවෙකු තේරී පත් නොවීය.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු රාජ්‍ය මට්ටමින් පැවති කුමන හෝ පළමු මැතිවරණයද මෙය වන අතර පොදුජන පෙරමුණේ ප‍්‍රතිශතය 80%ද ඉක්වමයි.

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ආසනය පඬුවස්නුවර වීමද විශේෂත්වයකි.

15 views

5 Comments to “පුංචි ඡන්දයෙන් පසු පළමු ඡන්දයෙන්ම පොහොට්ටුව 80% පනී.. පඩුවස්නුවරින් පොහොට්ටුවට 06යි.. එජාපයට 01යි.. දයාසිරිට කිසිවක් නෑ..”

  1. ජයසිරි says:

    මෙදාසැරෙත් සත පහක වැඩක් නැති පිංගුත්තරයින්වන මොණරාගල විජයමුණියි, කළුතර මහින්ද සමරයයි, බදුල්ලේ ලක්ෂ්මනුයි නැවත පසස දොරින් පර්ලිමෙන්තුවට එයි. ජන්දයට ඉදිරිපත් වෙන එකක් නෑ පරදින බව දන්නනිසා. දයාසිරිත් මෙදා සැරේ හොදටෝම අනාගෙන.

    මංගල ඔහුගේ මඩ මාධ්‍ය සමග දැන්ම ඉඩන් ගොඨාට මඩගහන්න පටන් අරගෙන.

  2. සමුපකාර ජන්දෙන් 80%ක්. රටම සමුපකාරයක්නම් පොහොට්ටුවට 80% ලැබෙයි. අනේ හැබෑට බංකොලොත් කමක මහත.සමුපකාර ජන්දත් උලුප්පල දානව.

    • Anslam says:

      උලුප්පලා දාන්න දෙයක් නැහැ… ගිය සැරේ පො‌හො‌ට්ටුව සමූපකාර දිනනකො‌ට උබලාගෙ බැංකු හො‌රැ උබලාව සැනසුවෙ ඔක සමුපකාර චන්දයක් විතරයි බය වෙන්න එපා කියලා ඊට පස්සෙ කො‌හො‌මද ප්‍රථිපල….හික් හික් …චන්දෙ කල් දාන්නෙ පුංචි අම්මගෙ රෙද්දට වෙලවට චන්දෙ තියපන්කො‌ අපි ඔක්කො‌ම උලුප්පලා ගන්නම්

      • අපිටත් මතකයි මුලු රටේම මාධ්‍ය අල්ලගෙනත් 2015 කෙලවගත්තා. ඒ ඔය කියන හැටියට වරායවල් හදලා ගුවන්තොට හදලා ජෝගි නටලා.ඒත් කෙලවුනානෙ. ඒ වගේ තමා ගම්සබා ජන්දෙ දිනපු ගමන් රටේ ආණ්ඩුව වෙනස්කරන්න කියපු ගම්බයි හැත්තනෙ උඹලා.

Main News