පුංචි ඡන්දයෙන් පොහොට්ටුව දින්නත් බලය පිහිටුවන්න දෙන්නේ නෑ.. එජාපය-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු රට පුරා..

February 7, 2017 at 4:40 pm | lanka C news
පුංචි ඡන්දයෙන් පොහොට්ටුව දින්නත් බලය පිහිටුවන්න දෙන්නේ නෑ.. එජාපය-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු රට පුරා..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන පක්‍ෂය කිසියම් පලාත් පාලන ආයතනයක් ජය ගත්තද එහි බලය පිහිටුවන්නට ඉඩ නොදෙන බව එජාප රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහතා කියයි.

එම මැතිවරණයේදී එජාපය දිනන සභාවන්හි එජාපයත්, ශ‍්‍රීලනිපය දිනන සභාවන්ති ශ‍්‍රීලනිපයත් බලයය පිහිටුවන බව කී ඔහු ඒකාබද්ද විපක්‍ෂය විසින් දිනන සභාවන්තහිද එජාපය ශ‍්‍රීළනිපය එක් වී බලය පිහිටුවන බවද කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී අදහස් පල කල ඒකාබද්ද විපක්‍ෂයේ පළාත් පාලන සංසදයේ කැදවුම් කරු උදේනි අතුකෝරල මහතා කියා සිටියේ එක්ව හෝ වෙන්ව එජාප, ශ‍්‍රීළනිපය ආණ්ඩු පිහිටුවීමට පෙර මැතිවරණයට දින නියම කරන ලෙසයි. හැකිනම් එජාපය ශ‍්‍රීලනිපය එක්ව හෝ වෙන්ව තරග කර ඒකාබද්ද විපක්‍ෂය විසින් ඉදිරිපත් කරන කණ්ඩායම පරාජය කරන ලෙසද ඔහු අභියෝග කලේය.

27 views