පුංචි ඡන්දය කල්පයකට කල් දමන්න යයි.. පාර්ලිමේන්තුවේ විරෝධතා.. කල් තබයි..
August 25, 2017 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තුවේදී ඇති වූ දැඩි උණුසුම්කාරී තත්වයක් හේතුවෙන් සබාව කල් දැමීමට කථානායකවරයා තීන්දු කලේය.
පළාත් පාලන ආයතන සදහා මැතිවරණ පැවැත්වීමට අදාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදයේදී මෙම තත්වය ඇති විය.
විපක්ෂ මන්ත්රීවරුන් චෝදනා කරන්නේ දැනටත් වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ කල් දමා ඇති පළාත් පාලන මැතිවරණ තවත් දීර්ඝ කාලයකට කල් දමා ගැනීම සදහා ආණ්ඩුව මෙම පනතට විවාදාත්මක සංශෝධන ගෙන එන බවයි.