පුංචි ඡන්දය කැදවූ සැනින් ඇමති ජෝන් විපක්ෂයට..? තවත් පෝලිමක් පසුපස..??
November 11, 2017 at 10:00 am | lanka C news
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වන වත්මන් කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා ඉතා ඉක්මනින්ම සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල වෙයි.
බොහෝ දුරට පළාත් පාලන මැතිවණය ප්‍රකාශයට පත් කල පසු සෙනෙවිරත්න මහතා ධුරය අත්හරිනු ඇති බවද වාර්තාවල සදහන්ය.
සිය දිස්ත්‍රික්කය වන රත්නපුරයේ දේශපාලන හිතවතුන්ගේ දැඩි බලපෑම් හමුවේ ඇමතිවරයා විසින් මෙම තීන්දුව ගනු ඇතැයිද සදහන්ය.
මෙම තීරණය සම්බන්ධයෙන් කිහිප දෙනෙකුම මේ වන විටත් දැනුවත්ව සිටින බවද පැවසෙයි.
ඇමතිවරයාත් සමගම හෝ මැතිවණ කාල සීමාව අතරතුරදී ආණ්ඩුවේ තවත් කිහිප දෙනෙකුස ධුරයන් අතහරිනු ඇති බවද වාර්තාවේ වැඩි දුරටත් සදහන්ය.
ජෝන් මාමේ, අර ගමටම ඇවිත් කණ පලනව කියපු උන්දැ දැන් කියනවලු විස්කි ලාභ නොකලොත් බජට් එක ගෙනාපු එකාගෙ කණ පලනව කියල.ඕන් දැන් ජෝන් මාමගෙ කණ ඉන්ෂුවරන්ස් කලා වගේ නිදහස්.ජෝන් මාම එනව නම් ගල් අරක්කු බෝතලේකුත් අරගෙනම එන්න.පිලේ බුදියල ඇඟේ අමාරුත් ඇතිනෙ මේ දවස්වල.