පුංචි ඡන්දය තවත් කල් දැමේ.. ජනමත විචාරණය මාර්තුවේ…

November 27, 2016 at 4:40 pm | lanka C news
පුංචි ඡන්දය තවත් කල් දැමේ.. ජනමත විචාරණය මාර්තුවේ…

දැනට වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ කල් දමා ඇති පළාත් පාලන මැතිවණය තව දුරටත් කල් දමා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ ජනමත විචාරණයක් 2017 මාර්තු මාසයේදී පැවැත්වීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගිය සතියේ පැවැති පක්‍ෂ නායක හමුවේදීද ජනමත විචාරණයක් පැවැත්වීම ගැන අවධානය යොමු කර තිබේ.

ඒ අනුව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ අනුකමිටු හයේ නිර්දේශ සහිත වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡුා කිරීමෙන් පසු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ඉන් පසු ජනමත විචාරණයකට අදාළ දින නියම කිරීමට නියමිතය.

70 views
Main News