පුංචි ඡන්දය තවත් කල් යනවා.. කරන්න දෙයක් නෑ..- කිරිඇල්ල

November 24, 2017 at 4:40 pm | lanka C news
පුංචි ඡන්දය තවත් කල් යනවා.. කරන්න දෙයක් නෑ..- කිරිඇල්ල

පළාත් පාලන මැතිවරණය තවත් මාස තුනකින් හෝ හරතකින් කල් යාමේ ඉඩක් ඇති බව මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමති සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ පළාත් පාලන මැතිවරණයේ සීමා නිර්ණ ගැසට් පත‍්‍රයට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම ඉවත් කර නොගතහොත් මෙම තත්වය ඇති විය හැකි බවයි.

මේ අතර වාර්තා වන්නේ දෙසැම්බර් මුල් සතියේදී අධිකරණ නිවාඩු සමය ආරම්භ වන බැවින් අදාල පෙත්සම විභාගය අනවාරි මාසයට කල් යාමේ ඉඩක්ද ඇති බවය.

එසේ වුවහොත් මැතිවරණයට තව දුරටත් වාරණ නියෝග නිකුත් නොකලහොත් මැතිවණය පැවැත්වීම බොහෝ දුරට 2018 අපේ‍්‍රල් මාසය තෙක් කල් යනු ඇති බවද සදහන්ය.

යම් හෙයකින් සීමා නිර්ණ ගැසට් පත‍්‍රවට වාරණයක් නිකුත් කලහොත් මැතිවරණය දින නියමයකින් තොරව කල් යනු ඇතැයිද වාර්තා පලවෙයි.

42 views

6 Comments to “පුංචි ඡන්දය තවත් කල් යනවා.. කරන්න දෙයක් නෑ..- කිරිඇල්ල”

  1. Liberal One says:

    Smart dictators

  2. kamalasirikuruwita says:

    De franchising the people of a country = Present DEMOCRACY in Sri Lanka ( Sri Lankan democracy)

  3. D.Silva says:

    Prajathanthara wade doore galanawa bola.

  4. Upali says:

    Kiriella is correct. Who need elections , please let us eat Gama and Rata as we want.

  5. Jonaa'S Brother says:

    I wish Ari Killayata ” Sabbe Laban “

  6. vishnu says:

    මේ ගොබිල කියන දෙයක් තියෙනවනම් මූන නැතුව දාන්න බැරිද
    මේ පඩත්තරයාගේ මූන දැක්කම දවසම වගතුවක් නෑ

Main News