පුංචි ඡන්දය දින නියමක් නැතිව කල් දමන හැඩ.. ජනමත විචාරණය ඉක්මනින් එයි..

September 19, 2016 at 8:02 am | lanka C news
පුංචි ඡන්දය දින නියමක් නැතිව කල් දමන හැඩ.. ජනමත විචාරණය ඉක්මනින් එයි..

පළාත් පාලන සීමා නිර්ණය පිලිබද කොමිෂන් සභා වාර්තා ගැන පැමිණිලි සලකා බැලීම තවත් ප‍්‍රමාද වන්නේ නම් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ තව දුරටත් කල් යනු ඇති බව වාර්තා වෙයි.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ එම වාර්තාව ලැබුණු වහාම ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් ඇති බවයි.

මේ අතර පළාත් පාලන මැතිවණයට කලින් පැවැත්වෙන ජනමත විචාරණයට ඉක්මනින් සූදානම් වීමක් දක්නට ඇතැයිද අදාල රජයේ ආයතනවලින් දැනගන්නට ඇත.

0 views
Main News