පුංචි ඡන්දය මාර්තුවේත් නෑ.. තවත් කල් යයි..

December 18, 2016 at 5:30 pm | lanka C news
පුංචි ඡන්දය මාර්තුවේත් නෑ.. තවත් කල් යයි..

නව මැතිවරණ ක‍්‍රමයක් සදහා සීමා නිර්ණය වෙනස්කම් සහිත නව ගැසට් පත‍්‍රය පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු පළාත් පාලන ඡන්දයට දින නියම වනු ඇති බව වාර්තා වෙයි.

පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධනයක් ලෙස නව සීමා නිර්ණ ගැසට් පත‍්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙයි.

පාර්ලිමේන්තුනට පනත ඉදිරිපත් කිරීමෙන් පසු එය සම්මත කරගැනීමට දළ වශයෙන් දින 75කට ආසන්න කාලයක් වැයවිය හැකි නිසා මාර්තුවේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නොහැකි වනු ඇතැයිද රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගේ අදහසයි.

එසේම කිසිවෙකු මෙම පනතට එරෙහිව අධිකරණය ගියහොත් මැතිවණය තවත් ප‍්‍රමාද වනු ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

0 views

One Comment to “පුංචි ඡන්දය මාර්තුවේත් නෑ.. තවත් කල් යයි..”

  1. Deepal says:

    මහින්ද මොනවද දන්නෙ.මොනවද කලේ මැතිවරණ තිය තිය…..
    මෙන්න ගේම්..
    දැන්වත් මුන්ගෙන් ඉගෙන ගන්න….

Main News