පුංචි ඡන්දය වෙනුවෙන් ටී.එන්.ඒ.ප්‍රතිපත්ති ප්‍රකාශය එලදකියි…

January 31, 2018 at 2:07 am | lanka C news
පුංචි ඡන්දය වෙනුවෙන් ටී.එන්.ඒ.ප්‍රතිපත්ති ප්‍රකාශය එලදකියි…

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සවස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් එළි දක්වන ලදී.

දෙමළ ජාතික සන්ධානයේ වවුනියාවේ පිහිටි කාර්යාලයේදී මෙම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වන ලද අතර එම අවස්ථාවට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා,ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරුන් ඇතුළුව මෙවර පළාත් පාලන මැතිවරණයට තරගා කරණ අපේක්ෂකයින් රැසක්ද සහභාගි වී සිටියහ.

පිටු පහළොවකින් සමන්විත දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුලින්ම සඳහන්ව ඇත්තේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස දෙමළ ජාතික සන්ධානය කැපවන බවයි.

ඊට අමතරව උතුරු නැගෙනහිර පළාත් වල විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවල මෙතෙක් විසදී නොමැති ගැටළු විසදීමට පළාත් පාලන ආයතන වලශක්තිය යොදා ගන්නා බවත් මී ළඟ මහමැතිවරණයට පෙර ඒ සියල්ල විසදා ගැනීමට ඒ ඒ පළාත්වල ජනතාවගේ සහභාගිත්වයෙන් විශේෂ වැඩ පිළිවෙළවල් සකස් කරණ බවද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9 views
Main News