පුංචි ඡන්දෙන් එජාපය එකට ශ්‍රීලනිපයට දෙක ස්ථිරයි.. මහින්ද පිලට ඇපත් නෑ.. හැකි ඉක්මනින් ඡන්දය තියනු..
March 3, 2017 at 12:00 pm | lanka C news
පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ස්ථිර වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය පළමු තැන දිනා ගන්නා බවත් ශ්රීලනිපය දෙවැති තැනට පත්වී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට ඇපත් නැති බව බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
එනිසා පැරිණි ක්‍රමයට හෝ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය කැදවන ලෙස ශ්‍රීලනිපයෙන් ඉල්ලා සිටින බව සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.