පුංචි ඡන්දය ගැන කැබිනට් මණ්ලයේදී තීරණය කරයි.. ස්වාධීන මැතිවරණ කොමිසම..?

May 4, 2017 at 5:30 pm | lanka C news

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැන තීරණයක් එන සතියේ කැබිනට් මණ්ඩලයේදී තීරණය කරන බව ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

මැතිවරණය මෙතෛක් පැවැත්වීමට නොහැකි වූයේ කිසිවෙකුට බියෙන් නොව නෛතික කාරණා කිහිපයක් නිසා බවද ඇමතිවරයා කියා සිටියේ ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

කෙසේ වෙතත් ඇමතිවරයාගේ ප‍්‍රකාශය අනුව හැගී යන්නේ මැතිවරණය පැවැත්වීම ගැන තීරණය කරන්නේ කැබිනට් මණ්ඩලය මිස ස්වාධීන මැතිවරණ කොමිසම නොවන බවය.

21 views
Main News