පුංචි ඡන්දෙන් මෛත‍්‍රී තුන්වැනියා වී ජනාධිපතිකමේ හුලං යනවාමයි.. – ලාල් කාන්ත කියූ හා සැගවූ කතාව මෙන්න..

October 1, 2016 at 12:01 am | lanka C news
පුංචි ඡන්දෙන් මෛත‍්‍රී තුන්වැනියා වී ජනාධිපතිකමේ හුලං යනවාමයි.. – ලාල් කාන්ත කියූ හා සැගවූ කතාව මෙන්න..

මීලග පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනත් පක්‍ෂයකින් තරග වදිද්දී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රිලනිපයෙන් තරග කලහොත් ස්ථිර වශයෙන්ම තුන්වන තැනට පත්වෙන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රී කේ.ඞී. ලාල් කාන්ත මහතා පවසයි.

එවන් තත්වයකදී ජනිධපතිවරයාගේ තනතුරේ බලය දේශපාලනිකව අහෝසි වී ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල මත පමණක් පවතිනු ඇතැයිද කී ඔහු එම තත්වය ඇතිවීම වලක්වා ගැනීම සදහා මීලග පළාත් පාලන මැතිවරණයේදී එජාප-ශ‍්‍රීලනිප හවුලකින් තරග වැදීමට ජනාධිපතිවරයා පෙලඹෙනු ස්ථිර බවත් කියා සිටියේය.

කෙසේ වෙතත් ජවිපෙ මන්ත‍්‍රිවරයා නොකීවද ඔහුගේ කතාවෙන් පැහැදිලි වූ අනෙක් කරුන නම් ජවිපෙ දැනටමත් ‘තුන්වැනි’ තැන අතහැරීමට හිත හදාගෙන සිටින බවයි.

නැතහොත් තමනට වාසි සහගත ලෙස ශූර දේශපාලන උපායන් තෝරනු වෙනුවට එජාප-ශ‍්‍රීලනිප හා ඒකාබද්ද විපක්‍ෂයේ දේශපාලන උපායන් මත ජවිපෙ දේශපාලන අනාගතය තීරණය වීමට ඉඩ හැරීමට තීරණය කර ඇති බවයි.

වඩාත් සරල ලෙස කියන්නේ නම් ජවිපෙට තුන්වැනි තැන අහිමි වී යාම යනු මුළු රටේම එකවර වැඩිම ඉතිරියේ වාසියට එන මන්ත‍්‍රී ආසනය අහිමිවීමයි.

ජවිපෙ අදද නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන සියළුම මන්ත‍්‍රී ධුරයන් පාහේ වැඩිම ඉතිරියට අනුපාත ක‍්‍රමය යටතේ ලැබුනු එවාය.

එය එසේ වෙද්දී කවදත් තමනට අනන්‍ය ඡුන්ද පදනමක් සහිතව සිටින සුළු ජාතික පක්‍ෂ ගණනාවක් ජවිපෙට නඩා ආසන ප‍්‍රමාණයක් දිනාගෙන ජවිපෙ මෙරට දේශපාලන පිටියේ දහවන හෝ පහලොස්වන බලවේගය බවටද පත්වීමේ ඉඩකඩක් ඇත.

ලාල් කාන්ත ජවිපෙ මන්ත‍්‍රිවරයාගේ කතාවේ පැහැදිලි කිරීම මෙතරම් නොකලද නිසැක ලෙසම ඔවුන්ගේ පක්‍ෂයේ ඉහලම මට්ටමින් බියකරැ ලෙස සාකච්චා කර ඇති බවට නම් සැකයක් නම් නැත. ලාල් කාන්ත කියූ කතාව හා නොකී කතාව එසේ වෙයි.

47,488 Viewers

8 Comments to “පුංචි ඡන්දෙන් මෛත‍්‍රී තුන්වැනියා වී ජනාධිපතිකමේ හුලං යනවාමයි.. – ලාල් කාන්ත කියූ හා සැගවූ කතාව මෙන්න..”

  1. JVP umbala denda danne????? brapathi gamarala samaga pala…..elam naduwata…

  2. Dickie Bird says:

    Onna Berty patiya Dumiyage sa’pe… Anurapurayata Niyange. Wewa, dola okkama welila. Muge ara wisala mudalak gewa gaththa agriculture ministry buildimeay boho weda athi.
    Aney !! monawa kiyanawada ! ekata giya salli thibba nam Goviyata denna thibuna nay. Nodokin.

    Lokkage sa’peth Polonnaruwata wedila wage. Lokka nam savari gahanawa mona sa’pe wedunath polonnarowata.
    May rajakama kawada kapu takarang da ?

    Monawada may katha Lal…………………….Onna Berty patiya Dumiyage sa’pe… Anurapurayata Niyange

    Ara, umbalage Rathu Ali Patiya nam sathutin inne ohuge Rajadahane.
    Namuth Lal maththaya ema Rajadahanen pita innawa wage penenne.

    Danma mema karanaya therum gathahoth hondai wage.

  3. Transformer says:

    සිරිසේන ජනාධිපතිවරයාගේ ජනාධිපතිකම් හුලං බැසීමට පළාත් පලාන මැතිවරණයක් පැමිණිය යුතුම නැත.මන්ද ඔහු තම ක්‍රියාවෙන්ම තමන්ගේ හුලං දැනටමත් ඇරගෙන තිබෙන නිසාය.වාහනයක් හොඳින් ගමන් කිරීමට නම් එහි රෝද පද්ධතියට නිසි අයුරින් හුලං තිබිය යුතුය.නැතහොත් එය අනතුරේය.හුලං වැඩි උනත් කොට උඩය.අඩු උනත් කොඩ උඩය.රටක් විදිහට ගත් කළ මධ්‍යස්ථ අයුරින් හුලං තිබූ රටක හුලං බස්සවා රටම දැන් රිම් එකෙන් දුවනුයේ එම හුලං බැස ඇති වර්තාමන ජනාධිපතිවරයාට හා ඔහුගේ යහපාලනයේ යහපාලන කෙරුවාවන් සතුව පවතින අති දක්ශකම නිසාය.පත් වී දින කිහිපයකින් තම හුලං ඇරගත් සිරිසේන ජනාධිපතිවරයාගේ සිත මේ වන විට පැටලූ නුල් බෝලයකටත් වඩා අන්ත බව නම් ඒකාන්තය.

    ඒකාධිපති මහින්දව මෙරට රජ්‍ය පාලනයෙන් චුත කිරීම සඳහා ඉතා උද්යෝගයෙන් අලි,කොටි,නරි සීනූ ඇතුළු එයට සම්මාදම් වූ සැමටම ඉදිරියටත් සිදු වනුයේ තමන්ගේ හුලං තමාම ඇරගත්තා සේ කන්කෙඳිරි ගෑමටය.

  4. somapala says:

    මෙයාගෙ කතාවලට කොමෙන්ට් දාන එක නිකම් කාලෙ නාස්ති කිරීමක්

  5. Padmini says:

    ithin ban molo hodata nala (rathu hedenna) gihin Ranil lagin elipitama budiyaganinin

  6. හල්මැස්සා says:

    jvp කී වැනිද?

  7. ss says:

    arayata meyata wena de nowyi JVP eka ta wene monada kiyala hoya balowoth narakada idiri chandedi.

  8. නියමයි ලාලුකාන්ත අයියාට සර්වලෝකපුට්ටුව ගැන දැන්මතක්වෙලා තියෙන්නේ.
    ඔයකියන දිව්‍යලෝකපූට්ටුවේ රතු අලිපැටව්ත් සාමාජිකයන් බව. දැන් උඳලාට අමතකවෙලා අනික තමයි මෙයාලාගේ ප්‍රතිපත්තිය ඇවිත් කලදුටුකල වල ඉහගනු සම්ප්‍රදායනේ පිලිගන්නේ.
    මේ මෝඩචූංන් ඇවිල්ලා අර චුංපාන් වගේ තමයි ගිහිල්ලා කියපන් කොන්ඩේ බැඳපු චින්නුන්ට​?

Main News