‘පුංචි පවුල රත්තරං’ කතා දැන් නවතනු.. හැකි තාක් දරුවන් හදන්න.. සිංහල අපි කොලඹ තුන්වැනි තැනට වැටිලා..- මහ ඇමති ඉසුර

March 21, 2017 at 2:10 pm | lanka C news
‘පුංචි පවුල රත්තරං’ කතා දැන් නවතනු.. හැකි තාක් දරුවන් හදන්න.. සිංහල අපි කොලඹ තුන්වැනි තැනට වැටිලා..- මහ ඇමති ඉසුර

මෙරට ජනතාව ‘පුංචි පවුල රත්තරං’ යන මානසිකත්වයෙන් වහා ඈත්විය යුතුව ඇති බවත් එදා 70 දශකයේ මෙන් හැකිතරම් දරුවන් හදන ලෙසත් ඉසුර දේවප‍්‍රිය බස්නාහිර මහ ඇමති කියයි.

ඔහු මෙසේ පැවසුවේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් බොරලැස්කමුවේදී පැවති උත්සවයක් අමතමිනි.

‘මීට දශක කිහිපයකට කලින් ජන සමාජයේ ‘පුංචි පවුල රත්තරන් ’ කියන මතයක් ව්‍යාප්ත කළා. අද වන විට එහි ප‍්‍රතිඵල අපට දැනෙනවා. අද කොළඹ වැඩිම ජනගහනය මුස්ලිම් දෙවැන්න දෙමළ සිංහල අපි තුන්වැනි තැන.

ඒ වගේව අපිට අහන්න ලබෙනවා තව වසර කිහිපයකින් මෙරට සුළු ජාතික නායකයෙක් බිහි වෙනවා කියලා. මං කියන්නෙ මෙහෙම ගියොත් තවත් අවුරුදු දහයකට කලින් ඒ දේ සිදු වේවි’

403 views