පුංචි මැතිවරණට එරෙහිව නඩු දමා ඇත්තේ ඇමති ෆයිසර්ගේ ගෝල නීතිඥයෙක්.. මෙන්න විස්තරේ..
November 16, 2017 at 10:00 am | lanka C news
පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව 2017.02.17 වන දින නිකුත් කරන ලද අංක 2006/44 දරණ ගැසට් පත්රය අවලංගු කරන්නැයි ඉල්ලමින් ඡන්ද දායකයින් හය දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සමේ නීතීඥයා ලෙස කටයුතු කරන්නේ ඇමති ෆයිසර් මුස්තාෆාගේ කණිෂ්ඨ නීතීඥවරයෙකු ලෙස කටයුතු කල එම්.එන්. සහිර් නම් නීතිඥයෙකු බවත් වාර්තා වෙයි.
එනිසා බොහෝ දුරට එම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය තව දුරටත් කල් දැමීම සදහා විය හැකි යයිද නීති ක්ෂෙත්රයේ අදහස් පලවෙයි.
ගැසට් පත්රය ප්රකාශයට පත් කර මාස නවයකින් මෙම පෙත්සම ඉදිරිපත් කිරීමෙන්ම මෙම ඉල්ලීම සද්බාවයෙන් කරන ලද්දක් නොවන බව පෙනී යන්නේ යයි නීතීඥ සාගර කාරියවසම් මහතා සදහන් කරයි.
අදාල ගැසට් පත්රය මගින් බහු ආසන නම් කිරීමේදී විෂය භාර ඇමති ෆයිසර් මුස්තාෆා විසින් සිය බලය ඉක්මවා කටයුතු කර ඇති මැතිවරණය පැවැත්වීමට එරෙහිව රීට් ආඥාවක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
කණිෂ්ඨ නීතීඥවරයෙකු ලෙස “”කටයුතු කල” ??????? LOL
oheth musthapage hitapu golayek wage
Don’t worry there won’t be any election as it will expose how unpopular the “Jaha Palanaya” is!!
Where are the NGOs, US, UK and EU backers of so called democracies??? Puppets at work so we look the other way??
puh…..