පුජා කලදේටත් වැඩියෙන් විධායක බලයෙන් අත්පත් කරගැනීම බුදු දහම අනුව කොතරම් යුක්ති සහගතදැයි තීරණය කරන දවස ඉතා ළගයි..

November 23, 2016 at 12:00 pm | lanka C news
පුජා කලදේටත් වැඩියෙන් විධායක බලයෙන් අත්පත් කරගැනීම බුදු දහම අනුව කොතරම් යුක්ති සහගතදැයි තීරණය කරන දවස ඉතා ළගයි..

58 ලක්ෂයගේ පරමාධිපත්‍යය බලය හා ඔවුන්ගේ දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් පෙනි සිටි ජනාධිපතිවරයෙකු එම දේශපාලන ප්‍රතිපත්තිවලට හාත්පසින්ම වෙනස් දේශපාලන කදවුරක් වූ එක්සත් ජාතික පක්ෂය සමඟ අත්වැල් බැඳගෙන පරාජය කොට රටේ විධායක බලය ලබාගෙන පැය 72 ක් යන්නට මත්තෙන් තමා පුජාකල පක්ෂය මෙන්ම තමා ජයග්‍රහණයකිරීමෙදි පරාජය වූ දේශපාලන විරුද්ධවාදියාගේ පක්ෂයේ බලය ඇල්ලීම කොතරම් දුරට යුක්ති සහගත යන්නත් එදා 1956දී සමාජ විප්ලවයක් කරමින් ආණ්ඩු බලය ගත් බණ්ඩාරනායක ශ්‍රීමතාණනනුත් මේ ආකාරයෙන් එදා කටයුතු කරානම් අද ඔය කතාකරන යූ එන්පී කාරයෝ එක්කෙනෙක් වත් ඉතුරු නොවෙන බවත් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ පැවසීය.

ශ්‍රී ලංකාව නිදහසන් පසුව වරින් වර තට්ටු මාරු ක්‍රමයට රටේ ආණ්ඩු බලය ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එජාපයත් ශ‍්‍රීලනිපයත් ජනතා පරමාධිපත්‍යය බලය මත ආණ්ඩු පිහිටු අතර ශ්‍රී ලංකාවේ පලමු වරට සර්වජන ඡන්දය මගින් ප්‍රතිපත්ති දෙකක් මත ඡන්දය ලබාදුන් ජනතාවගේ පරමාධිපත්‍යය අවභාවිතයේ යොදමින් විධායක බලය යොදා බලහත්කාරයෙන් යූ එන් පීයට විරුද්ධව ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂයන් යටපත් කරමින් එම ජනතා නියෝජනය කරන පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායක කම පැහැදිලි බහුතරයක් තිබෙන අපේ මන්ත්‍රීවරුන් 51 දෙනාට නොදි ආසන 20 කටත් වඩා අඩුවෙන් ගත් ද්‍රවිඩ සංධානයටත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ආසන 6 ක් ගත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකටත් ලබාදීමම ජනතාවට විකල්ප බලවේගයක් අවශ්‍යවීමට ප්‍රධාන හේතුව යයිද ඔහු පෙන්වා දුනනේය.

‘ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය පවතින ඉතා පැරණි රටක් වන ශ්‍රී ලංකාවේ මෙම විකුර්ති දේශපාලන දඩයම තුරන් කිරීමට මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සෑම පුරවැසියෙකුගේම යුතුකමයි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනි සිටින ගරුතර මහා සංඝරත්නය ඇතුළු සියලු පූජ්‍ය පක්ෂයන් විද්වතුන් සිවිල් සමාජ ක්‍රියාකාරින්ල කලාකරුවන්ල වෘත්තීය සමිති නායකයින් ඇතුළු ක්‍රියාකාරින්ල විශේෂයෙන්ම ජනමාධ්‍යවේදීන්ට මෙන්ම ජනමාධ්‍ය ආයතනයන් මේ සඳහා එකතු විය යුතුයිල ඒ වගේම සමස්ථ සමාජයම එකට එකතු කොට විශාල ජනතා බලවේගයක් ගොඩනැඟීමට අපේ නව පක්ෂය වන ශ්‍රීලංකා නිදහස් පෙරමුණට හැකියාව තියෙනවා. ඒ වගේම සඳහා අවශ්‍ය ඉඩකඩ මේ ජනතා විරෝධී ආණ්ඩුව විසින්ම ඔහුනගේ ක්‍රියාකාරකම් තුළින් දිනපතාම නිර්මාණය කරනවා. ඒ නිසා පක්ෂ භේදයකින් තොරව ඔබ වැනි සිවිල් සමාජ ක්‍රියාකාරින් මේ සඳහා සම්බන්ධ වීම අපිට විශාල ධෛර්යක්’ බත්තරමුල්ල නෙලුම් මාවත කාර්යාලය පැවති සාකච්ඡාවකදි සිවිල් සංවිධාන ක්‍රියාකාරින් පිරිසක් අමතමින් බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

2 views

3 Comments to “පුජා කලදේටත් වැඩියෙන් විධායක බලයෙන් අත්පත් කරගැනීම බුදු දහම අනුව කොතරම් යුක්ති සහගතදැයි තීරණය කරන දවස ඉතා ළගයි..”

  1. jude michel says:

    excellent remarks,

  2. jerome says:

    well said, congratulations to your new party,

    • බන්ඩාර says:

      ජාත්‍යන්තර දේශපාලනයේදී සිරිමාවෝ බණ්‌ඩාරනායක ලකුණ ඉතා වැදගත් විය. සීතල යුද්ධයේ බල කඳවුරු දෙකකට නොබෙදී තුන්වැනි ලෝකයේ රටවල් ස්‌වාධීන අනන්‍යතාවකින් යුතුව නැඟී සිටීමේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයැම සඳහා නොබැඳි ව්‍යාපාරයට ජීවය දුන් තුන්වැනි ලෝකයේ නායිකාව වූයේ සිරිමා මැතිනියයි. නොබැඳි ජාතීන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අවධානය කෙරෙහි ගෙනයැමට ඇය සමත් වූවාය. අප රට අධිරාජ්‍ය බැම්මෙන් මිදීම පරිපූර්ණත්වයට පත්කර අප රට ජනරජයක්‌ බවට පත්කළේ ද එතුමියගේ රාජ්‍ය සමයේදීය.
      සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්වූයේ මුළු ලොවම අවදි කරවමිනි. ඇයට ලංකා දේශපාලනයේ සන්ධිස්‌ථානයකට පැමිණීමට හැකිවීම ඉතාමත් භාග්‍යයකි. දේශීය සහ ජාත්‍යන්තර මට්‌ටමේ අභියෝගවලට ඇය මුහුණ දුන්නාය. ඒ වාගේම විවිධ අර්බුද මතභේද නිසා එක්‌තැන් කළ නොහැකිව තිබූ වාමාංශික කඳවුර ඒකරාශි කිරීමේ වගකීම ද ඇය ඉටු කළාය. ඉන්දියානු සාගරයේ ඉතා කුඩා දූපතක්‌ව තිබූ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දේශපාලනයේ දිදුලන රාජ්‍යය බවට පත්කිරීමේ කටයුත්ත කළේ මැතිනියයි. ඇමරිකානු කඳවුරේ ආධිපත්‍යයට නතු වූ ලංකාවේ තෙල් සමාගම් ජනසතු කිරීමේ කාර්යය ඇය නිර්භයව ඉටු කළාය. ඉන්දියාව සමඟ සුහදත්වය බෙදාගනිමින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අත්පත් කරගෙන සිරිමා ශාස්‌ත්‍රී ගිවිසුම මගින් රටක්‌ අහිමි ඉන්දියානු පුරවැසියන්ගේ ප්‍රශ්නය එක පෑන් පහරින් විසදාලීමට ඇය සමත් වූවාය. 1971කැරැල්ල වැනි සිවිල් යුද තත්ත්වයට ඇය එඩිතරව මුහුණ දුන්නාය.1956 න් පසු ඇරඹි සමාජ ආර්ථික රටාවන්හි ප්‍රගතිය ඉදිරියට ගෙනයැමට ඇය සමත් වූවාය. ශ්‍රී ලංකාව මුළුමනින්ම ජනරජයක්‌ බවට පත්කරමින් අපේ රටේ ස්‌වාධීනත්වය ඉහළින් ඔසවා තබන්නට ඇය පෙරමුණ ගත්තේ ජනරජ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සකස්‌ කිරීමට නායකත්වය දෙමිනි. 1970 මැතිවරණයෙන් පසු බොහෝ දේ ඉටුකිරීමට ඇය සමත් වූවාය.
      මෙසේ විශිෂ්ට ගුණාංගයෙන් සපිරි සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තරම් එදා එක්‌සත් ජාතික පක්‍ෂයේ සිටි ප්‍රතිගාමී පාලනය ක්‍රියා කරන ලදී. එය ලංකා දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක්‌ වූ අතර නැවත ඇයට 1986 ඔක්‌තෝබර් 16 වැනි දින ප්‍රජා අයිතිය ලැබිණි.

Main News