පුටුවෙන් වැටී අවුරුද්දක් වැයසැති බිළිඳිය මරුට…
June 14, 2022 at 2:14 am | lanka C news
කිලිනොච්චිය මුලංකාවිල් ප්රදේශයේ පදිංචි පවුලක අවුරුද්දක් වයසැති දැරියක් පුටුවෙන් වැටී මිය ගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.
අදාල දැරිය සහ දෙමාපියන් නිවසේ රැඳී සිටින අවස්ථාවේදී දැරිය නිවසේ ශාලයේ තිබූ පුටුවේ සෙල්ලම් කරමින් සිටි ඇත්තේ මව පියා ඉදිරිපටදී වන අතර පසුව මව පියා මුලුතැන්ගෙට ගිය අවස්ථාවේදී දැරිය පුටුවෙන් වැටී ඇත.
දැරිය පුටුවෙන් වැටී හිස වැඳීමෙන් සිහිමුර්ජා වී ඇති අතර පසුව එම අවස්ථාවේදීම දෙමාපියන් විසින් දැරිය මුලංකාවිල් රෝහලට රැගෙන යාමට පියවර ගත්තද දැරිය රැගෙනයන අතරතුරදී මිය ගොස් ඇති බවට වාර්ථා වෙයි.
දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් යොමු කොට ඇති අතර දෙමාපියන්ගේ නොසැලිකිලිමත් බාවය හේතුවෙන් මෙවැනි කුඩා දරුවන්ගේ මරණ කිහිපයක්ම උතුරු පලාතෙන් වාර්ථා වූ බවටද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
at least she wont have to suffer in this country. lucky kid. perhaps we should all die like this and leave the country to Rajapakshas.
Sad but true.
Careless idiots….