පුඩළුඔය යෝජිත පෞද්ගලික ජල විදුලි බලාගාරයට විරෝධතා… කරන්නාගොඩට චෝදනා…

March 31, 2021 at 12:40 pm | lanka C news
පුඩළුඔය යෝජිත පෞද්ගලික ජල විදුලි බලාගාරයට විරෝධතා… කරන්නාගොඩට චෝදනා…

කොත්මලේඔයට පුඩළුඔය ඩන්සිනන් කදු මුදුණේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා පුඩළුඔය හරස් කරමින් ඉදි කිරිමට යෝජිත පෞද්ගලික ජල විදුලි බලාගාර ව්‍යාපෘතියට විරෝධය පාමින් පුඩළුඔය වැවහේනගම ප්‍රදේශවාසින් පිරිසක් සහ මහ සංඝරත්නය පුඩළුඔය නගරයේ පිහිටි කොත්මලේ ප්‍රාදේශිය සභා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට (31)දින නිහඩ විරෝධතාවයක නියැලුණහ.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් මෙම ජල විදුලි බලාගාර ව්‍යපෘතිය ඉදි කිරිමට සැලසුම් කර ඇති බවත්, එම ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සදහා පිඹුරු පත් සකස් කිරිමට පසුගිය දා පුඩළුඔය වැවහේනගම ප්‍රදේශයට පැමිණි හිටපු නාවික හමුදාපතිවරයාට සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්ට ප්‍රදේශවාසින්ගේ දැඩි විරෝධය එල්ල විය.

ප්‍රාදේශිය සභා කාර්යාලය ඉදිරිපිට නිහඩ විරෝධතාවයේ නියැලි සිටි මහ සංඝ රත්නය සහ ප්‍රදේශවාසින් කොත්මලේ ප්‍රාදේශිය සභාවේ සභාපති සුසන්ත ජයසුන්දර මහතා හමු වි මෙම ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ඉදි කිරිමට වැවහේනගම ප්‍රදේශවාසින්ගේ සිය විරෝධය දක්වන බව කියා සිටිහ.

එහිදි කොත්මලේ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා කියා සිටියේ එම ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ඉදි කිරිම සම්බන්ධයෙන් තම ප්‍රාදේශිය සභාවෙන් වසන්ත කරන්නාගොඩ මහතා හෝ වෙනත් කිසිවෙක් අවසරයක් ලබාගෙන නොමැති බවයි.

ඒ සදහා ඉල්ලිමක් ඉදිරිපත් වුවහොත් මෙම ව්‍යාපෘතියට විරුද්ධ වන පාර්ශවයන් සහ තම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් සමග සාකච්ඡා කර තිරණයක් ගන්නා බවයි.

සභාපතිවරයාගේ එම පොරොන්දුවත් සමග විරෝධතාකරුවන් තාවකාලිකව නිහඩ විරෝධතාවය විසුරුවා හරිනු ලැබුහ.

නිහඩ විරෝධතාවයේ නියැලි සිටි  පුඩළුඔය කිරිවෙල ශ්‍රි විෂුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිපති කොත්මලේ සුමේධනන්ද හිමියන් සහ කොත්මලේ ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි (ජවිපෙ) එච්.ජි.දායාරත්න මහතා කියා සිටියේ පුඩළුඔය හරස් කරමින් ජල විදුලි බලාගාරයක් ඉදි කලහොත් පුඩළුඔයේ ජෛව විවිධත්වයට මෙන්ම ප්‍රදේශයේද විශාල පරිසර හානියක් සිදු වන බවයි.

පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදි කිරිමෙන් ඔය දෙපස පදිංචිකරුවන්ට මෙන්ම පුඩළුඔයේ ජලය පරිහරණය කරමින් ගොවිතැන් කටයුතු කරන ගොවින්ටද ගැටළු රැසක් මතු වන බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

15,048 views

2 Comments to “පුඩළුඔය යෝජිත පෞද්ගලික ජල විදුලි බලාගාරයට විරෝධතා… කරන්නාගොඩට චෝදනා…”

  1. KUMA says:

    සෑම දෙයටම හරස් වෙන ආදරණිය ශ්‍රී ලාංකික ජනතාවෙනි ,
    අපි ගල් යුගයට යමු
    සියලුම නවීන තාක්සනය වර්ජනය කරමු
    පරිසරය රැක ගනිමු
    හාද ……….

  2. Alapaluwa says:

    කරන්නාගොඩ රණවිරුවා නැවත නාවික හමුදාපති කරවමු

Main News