පුඩළුඔය හරස් කර පුද්ගලික බලාගාරයක් ඉදි කිරිමට ගිය වසන්ත කරන්නාගොඩ ඇතුළු පිරිසකට විරෝධය..

March 19, 2021 at 10:02 pm | lanka C news
පුඩළුඔය හරස් කර පුද්ගලික බලාගාරයක් ඉදි කිරිමට ගිය වසන්ත කරන්නාගොඩ ඇතුළු පිරිසකට විරෝධය..

කොත්මලේ ඔයට පුඩළුඔය ඩන්සිනන් කදු මුදුණේ  සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා පුඩළුඔය හරස් කරමින් පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදි කිරිම සදහා පිඹුරුපත් සකස් කිරිමට පැමිණි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්ට ප්‍රදේශයේ විහාරාධිපති සහ ප්‍රදේශවාසින්ගේ දැඩි විරෝධය (18 දින) පල කර ඇත.

තලවකැලේ පුඩළුඔය වැවහේන ප්‍රදේශය හරහා කොත්මලේඔයට ජලය ගලා බසින පුඩළුඔයේ එගොඩවෙල ඇල්ල , වැවහේනේ ඇල්ල ඇතුළු දිය ඇලි තුනක් හරස් කරමින් පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදි කිරිමට 2017 – 2018 වසරේ සැලසුම් සකස් කර ඇති බවත්, ප්‍රදේශවාසින්ගෙන් මතු වු දැඩි විරෝධය මැද්දේ එම පෞද්ගලික ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ නොකල බවයි සංඝරත්නය සහ පුඩළුඔය වැවහේනේගම ප්‍රදේශවාසින් මාධ්‍යය හමුවේ කියා සිටියේ.

පුඩළුඔය ප්‍රදේශයේ ඇද හැලෙන දිය ඇලි නැරඹිමට කොවිඩ් 19 වසංගතය පැතිර යාමට  ප්‍රථම දේශිය සහ විදේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත්, පුඩළුඔයේ ජලය කොත්මලේඔයට ගලා යනතෙක් ගග දෙපස පදිංචි ප්‍රදේශවාසින් ගොවිතැනට මෙන්ම දෛනික අවශ්‍යතාවලටද ගගේ ජලය උපයෝගි කර ගන්නා බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

එම ප්‍රදේශයේ පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදි වුවහොත් විශාල පරිසර හානියක් සිදු වන බවත්,ඒ තුලින් ගොවිතැනට මෙන්ම ප්‍රදේශයේ ජනතාවට පානිය ජල ගැටළුවක්ද මතු වි කොත්මලේඔයට ජලය ගලා බසිනා පුඩළුශයේ සුන්දරත්වයද නැති වි යන බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

පුඩළුඔය වැවහේනගම ප්‍රදේශවාසින්ගේ විරෝධය මැද්දේ මිට ප්‍රථම නතර කර තිබු පුඩළුඔය පෞද්ගලික ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ වැඩ කටයුතු යලිත් ආරම්භ කිරිම සදහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු රාජ්‍යය නිලධාරින් පිරිසක් යලිත් උත්සහයක් දරන බවටද ප්‍රදේශවාසින් කියා සිටියි.

වසන්ත කරන්නාගොඩ මහතාට සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්ට පුඩළුඔය ප්‍රදේශවාසින්ගෙන් එල්ල වු දැඩි විරෝධය හමු එම නිලධාරින් එම ස්ථානයෙන් බැහැරව ගොස් ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

40,784 views

11 Comments to “පුඩළුඔය හරස් කර පුද්ගලික බලාගාරයක් ඉදි කිරිමට ගිය වසන්ත කරන්නාගොඩ ඇතුළු පිරිසකට විරෝධය..”

  1. Saman says:

    Vasanthayage ගෑනිට hukapu eka දැන් රට

  2. Dilan says:

    ඉස්සරහට මෙහෙම තමයි කරන්න වෙන්න කෙලින් පාරෙන් එන්නේ නැත්නම් .

    ජයවේවා !

  3. Chamil Ananda says:

    Thamange game de raka ganeema thamage wagakeemai. Gahalama panwanna oya ballanwa…

  4. දිනේෂ් ගයාන් ඩුබායි says:

    ලන්කාවෙ ඕනිම කුපාඩි තුප්පහි වැඩක් කරන්න පාවිච්චි කරන ටූල් එකක් රණවිරු පට්ටම .අන්තිමට ලොක්කොන්ගෙ ගෙවල් වල සර්වන්ට් වැඩ කරපු ගම්බට්ටොත් රණවිරුවො උනා.මුන් මේ රණවිරුකම පාවිච්චි කරල කොච්චර හොරා කෑවද මන්කොල්ල කෑවද

  5. Priyantha says:

    “පුඩළුඔයේ ජලය කොත්මලේඔයට ගලා යනතෙක් ගග දෙපස පදිංචි ප්‍රදේශවාසින්……”

    කාලකන්ණි මිනිස්සු, මුන් කරන්නෙත් ගංගාවල් අපවිත්‍ර කර කරලා විනාස කරන එක තමයි. මේ කාලකන්නි මිනිස්සුන්ව ගංගාවල් දෙපස පදිංචි වීම තහනම් කරන්නේ නැත්තේ ඇයි?. ගංගාවල් සහ ඒ ආශ්‍රිත පරිසරය රැක ගන්නනම් එහි මිනිස්සුන්ට පදංචි වීම තහනම් කල යුතුයි, බොරුවට එක්කෙනෙක් දෙන්නෙක් කරන දේට විතරක් වැරදියි කියා කියා වැළලිලා වැඩක් නෑ. මේවන විටත් අපේ රටේ බොහෝ ගංගාවල් අපිරිසිදු වෙලා තියෙන්නේ. එකට මුලිකම හේතුව තමයි කාලකන්ණි මිනිස්සු ගංගාවල් දෙපස ඉඩම් අල්ලාගෙන පදිංචි වෙන එක. උන්ට පරිසරයක් රක ගන්න උවමනාවක් නෑ, ගෙදර කක්කුස්සි බටෙත් ඕකලා හරවන්නේ ගඟට.

    • Futdgyg says:

      Godak durata hari.. minissunts aduwata viduliyath one.. revulath one kendath one..

    • දලු බන්ඩා says:

      ප්‍රදේශයට ඇවිත් බලලා ඔවැනි කථා කියන්න.උඩරට කදුකරයේ පැරණි ගම්මාන මැදින් තමයි සියලුම ඇල, දොල ගලා බසින්නේ. ඒවා ඒ මිනිසුන්ගේ ජීවිතයෙම කොටසක්.නාගරිකයන් කරන සක්කිලි වැඩ තවම පිටිසර සුන්දර ගම්මාන වලට ගිහින් නැහැ. ඒවා පාලනයට තමයි පලාත් පාලන ආයතන තියෙන්නෙ. අවබෝධය ගැන කනගාටුයි.

  6. Priyantha says:

    ලංකාවේ ඕනෑම තුප්පහි කාලකන්ණි වැඩක් කරන්න පාවිච්චි කරන ටූල් එක තමයි “ජනතාව” කියන වචනය, ඕනම තුප්පහි වැඩක් වඩාත් හොඳට කරන්න නම් එකට විශේෂණයක් එකතු කරලා “දුප්පත් ජනතාව” කියන වචනේ පාවිච්චි කලාම රටේ ඕනෑම සංවේදී පරිසර පද්ධතියක් අපවිත්‍ර කරලා නිල් පාටට ලස්සනට පිරිසිදුවට තියෙන ඕනෑම ගඟක් ගූ පුරවලා අපවිත්‍ර කරලා විනාසම කරන්න පුළුවන්.

  7. පුද්ගලික අංශයෙන් ඉදිකළ මෙවැනි කුඩා ජල විදුලි බලාගාර උඩරට ඇළ දොළ ආශ්‍රිතව බොහෝ ඇත.
    ජල විදුලි බලාගාරයකදී ,ජලාසයකට රැස්කල ජලයෙන් ටර්බයින් කරකවා විදුලිය නිපදවා එම ජලය නැවත දිය
    පහරටම මුදා හරී. ජල දුෂණයක් හෝ ජල හානියක් එහිදී සිදු නොවේ.
    මෙම ගවුරවනීය රණවිරුවා එයට අතගසා ඇත්තේ එබැවිනි.
    රට තුල සැමදෙයකටම විරෝදතා සන්විදානයට ඇමෙරිකාවද මුල්වී ඇති බව පසුගියදා පුවත් පලවිය.
    මේ ගම් බයියන්ගේ කුලප්පුවද ,උසස් රණවිරුවෙකු නිසා NGO ,USA සැලැස්මක්ද විය හැක.

  8. john says:

    Vasantha karnnnagoda played a decisive role as Navy commander in winning the eelam war.

Main News