පුතා පොල්ලකින් ගසා තම මව ඝාතනය කරයි..

January 11, 2019 at 8:40 am | lanka C news
පුතා පොල්ලකින් ගසා තම මව ඝාතනය කරයි..

පුතෙකු විසින් තම මවට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බව රත්නපුර අයගම පොලීසිය සඳහන් කරයි.

මෙසේ පහර දී ඝාතනය කර ඇති 80 හැවිරිදි මවක් වන අතර 40 හැවිරිදි ඇයගේ පුතා විසින් නිවසේ සිටියදී මෙම පහරදීම සිදු කර ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

සිදුවීම සම්බන්ධයෙන් අදාළ පුත්‍රයා පොලීසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

32 views
Main News