පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ..- අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයි..

May 3, 2019 at 12:00 pm | lanka C news
පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ..- අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයි..

තම පුතුන් දෙදෙනාගේ හැසිරීම්වල සහ කරන කතාබස් වල යම් වෙනසක් තමා දුටුවත් ඔවුන් මෙපමණ විනාශයක් කරාවි යැයි සිහිනෙකින්වත් නොසිතූ බව අත්අඩංගුවේ පසුවන කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රහිම් සඳහන් කර තිබේ.

පාස්කු ඉරිදා දිනයේ කොළඹ ෂැංග‍්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ සහෝදරයන් දෙදෙනාගේ පියා වන ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ රහස් පොලීසිය විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.

පුතුන් දෙදෙනාගේ තරමක් වෙනස් හැසිරීමෙන් දුටු පසු තමන් කිහිපවිටක්ම අවවාද කළ බවද පොලිසියට පවසා තිබේ.

ඔවුන් දෙදෙනා සතුව විශාල ධන සම්භාරයක් තිබූ නිසා ඔවුන්ට මෙවැනි ක්‍රියාකාරී විනාශකාරී කටයුතුවලට යොමු වීමට අවශ්‍යතාවක් තිබුනේ නැතැයි ද ව්‍යාපාරිකයා සඳහන් කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ 2015 ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කර තිබිණ.

136 views

22 Comments to “පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ..- අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයි..”

  1. අබු විජි හේරා  says:

    මුන්නැහැවෙ අපි ඊලඟ වතාවෙත් අපේ ජාතික ලැයිස්තුවට දානවා!

    • darshana abayakoon says:

      මම මේ මෙච්චරක්කල් කල්පනාකලේ නිර්දන පංති පක්ෂයක් යයි කියාගන්නා ජෙප්පෝ කොහොමද උන්ගේ මැයි රැලිවගේ එව්වට ඒ තරම් වියදම් කරල සැරසිලි කරන්නෙ කියල.

      දැන්නෙ මට තේරෙන්නෙ ඒවට සල්ලි වියදම් කරල තියෙන්නෙ මේ ඊබ්රහිම් ලොක්ක කියල. ඒකනෙ ජෙප්පො මිනිහව ජාතික උන්ගෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවන්ඩ හදල තියෙන්නෙ.

Main News