‘පුත සෝපාක.. ලග නොබලා දුර බලන්න’ යන්න බුදුන් වහන්සේ සෝපාකට කියූ එකක්..- අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්
November 25, 2020 at 10:00 am | lanka C news
‘පුත සෝපාක ළඟ බලන්න එපා දුර බලන්න’ යයි බුදුරජාණන් වහන්සේ විසින් සෝපාකට පැවසූ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.
කොරෝනා නව සාමාන්‍ය කරණ තත්වය යටතේ පාසැල් ආම්භ කිරීම ගැන කරුණු පැහැදිලි කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
පවතින තත්වය යටතේ පාසැල් ආරම්භ කිරීම ගැන ලග නොබලා දුර බලන්නැයිද පෙල්කම්වරයා ඉල්ලා සිටියේය.
කෙසේ නමුත් ලේකම්වරයාගේ එකී ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවේචන එල්ල වෙයි.
බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ එම ප්‍රකාශය දීඝිති කෝසල ජාතකයේ සිදු වන්නක් බවයි.
බෝසතානන් වහන්සේ දීඝතිස්ස රජුගේ පුතුන් ලෙස ඉපිද සිටි සමයක එම රජුට මරණ දණ්ඩණය දුන් අවස්ථාවේදී දීගතිස්ස රජු විසින් පුත් දීඝායූට දුන්නක් ලෙස සදහන් වෙයි.
අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රකාශය වීඩියෝවේ 12 වැනි විනාඩියේදී නැරඹිය හැක.
අනේ මුගේ මහාචාර්ය කම! යකෝ අටේ පන්තියේ පොතක් වත් කියවලා නැති මුං වගේ උන් මහාචාර්යලා වෙලා රටේ මුල් පුටුවලට ගියාම රට අගාධයටම තමයි. යකෝ කියන දේ කියන්න ඉස්සෙල්ලා අඩුම ගානෙ අටේ පන්තියේ පොතක්වත් අරන් කියවලා වරෙන්කෝ. අනේ මුංට දෙන පඩි සල්ල වරප්‍රසාද වරදාන! රටට දෙවියන්ගේ පිහිටම තමයි.