පුදනකොටම කාපි යකා.. පොහොට්ටුව සහ කුඩා පක්ෂ ගිවිසුම්ගත වීමට දිනේෂ්, වාසු, විමල්, උදය ඇතුළු පක්ෂ 8ක් වර්ජනයේ..

July 25, 2019 at 10:12 pm | lanka C news
පුදනකොටම කාපි යකා.. පොහොට්ටුව සහ කුඩා පක්ෂ ගිවිසුම්ගත වීමට දිනේෂ්, වාසු, විමල්, උදය ඇතුළු පක්ෂ 8ක් වර්ජනයේ..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙතෙක් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය නොවන කුඩා පක්ෂ ගණනාවක් ද්විපාර්ශ්වීය ගිවිසුම් ගතවීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙසෙන කොළඹ විජේරාම නිවසේදී හෙට (26) සිදු කිරීමට නියමිතය.

එම අවස්වථාට සහභාගි වන ලෙස පොදුජන පෙරමුණ ලේකම්වරයා විසින් ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයන් ට ආරාධනා කර තිබේ.

අද සවස රැස් වී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් හෙට පැවැත්වෙන පොහොට්ටුව හා කුඩා පක්ෂ අතර ගිවිසුම් ගත වීමේ අවස්ථාවට සහභාගිවීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබේ.

එයට හේතුව ලෙස එකී පක්ෂ නායකයන් පවසන්නේ සියලු පක්ෂ ඒකරාශි කර පුළුල් සන්ධානයක් ගොඩනැගීම මග හැර පොදුජන පෙරමුණ තනි තනි පක්ෂ සමග වෙන වෙනම ගිවිසුම් ගතවීම තමන් ප්‍රතික්ෂේප කරන බව ය.

ඒ අනුව මහජන එක්සත් පෙරමුණ , ජාතික නිදහස් පෙරමුණ , ලංකා සම සමාජ පක්ෂය , පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ,ශ්‍රී ලංකා මහජන පක්ෂය ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ 8ක් මෙකී වර්ජනය සිදු කරනු ඇත.

මීට අමතරව හිටපු අමාත්‍ය ඒ. එල්. එම්. අතාවුල්ලා සහ ප්‍රභා ගනේෂන් යන මහතුන්ගේ පක්ෂ ද මෙම අවස්තාවට සහභාගි නොවී සිටීමට තීරණය කර තිබේ.

– සේන මල්ලව

38 views

25 Comments to “පුදනකොටම කාපි යකා.. පොහොට්ටුව සහ කුඩා පක්ෂ ගිවිසුම්ගත වීමට දිනේෂ්, වාසු, විමල්, උදය ඇතුළු පක්ෂ 8ක් වර්ජනයේ..”

  1. Parakum says:

    This is What BANDA did in 1953, his determination to defeat UNP at any cost resulted in Srilanka becoming a SLAVE nation.

  2. siri says:

    ada thiyena palanaya rata vinasayata gena giya, habai oblath yamtharamakata wgakiyanna ona kal pirenna kaliyen janadhipathi waranayak thibba nisa.

  3. wimalasiri Gamlath says:

    දැන් සැපද

  4. Sam says:

    මේක බැසිල්ට එරෙහි විරෝධයක් .දිනේස්ක් වාසු විමල් කැමති නැහැ බැසිල්ගේ පදයට නටන්න . හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට

  5. ජනතාව. says:

    විමල්ගේ විරෝදය අපිට වැඩක් නැ.

  6. Gul Sirillal Nanda says:

    All SLPP and and their alliance are political clowns.
    They will ever-never correct their mistakes.
    They do not want People of Sri lanka ,but all of their are greed on Power,Position and Money!